Sheynnis-Palacios-miss-universe

මෑතකදී විශ්ව රූ රැජින ලෙස මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවාව නියෝජනය කරමින් පැමිණි ෂෙනීස් පැලෂස් කිරුළු පැළඳි අතර
නිකරගුවානු වාසීන්ට එය ශුභාරංචියක් විය.  2018 වසරේ දී මාරාන්තිකලෙස බලයෙන් යටපත් කරන ලද මහජන විරෝධතාවලින් පසු , නිකරගුවා රාජ්‍යය තුළ ප්‍රථම වතාවට ප්‍රීතිමත් ජනකායක් පෙන්නුම් කළ අතර මැනගුවාහි වීදිවලට පැමිණ ඔවුන් ප්‍රීති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.


23 හැවිරිදි තරගකාරිය පැමිණෙන්නේ අඩු ආදායම්ලාභී පවුලකින් වන අතර,  ඇයට විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීම සදහා බුනුලෝස් ලෙස හඳුන්වන බැදපු පිටි ගුලි විකුණා තිබේ.  ඇගේ කතාව බොහෝ නිකරගුවානුවන් සමඟ සමපාත වන බවක් පෙනෙන්නට තිබුණි.

2018 වසරේ දී පැවති විරෝධතා සඳහා ඇයගේ සහභාගී වීම ද එසේම විය. විරෝධතාවලියට සහභාගී වූ අවස්ථාවේ ගන්නා ලද ඇයගේ ඡායාරූප ,විශ්ව රූ රැජින තරඟයට පෙර ප්‍රචලිත විය.

එම විරෝධතා පැවැත් වීමේ මූලික අරමුණ වූයේ ,   හිටපු විප්ලවවාදී වීරයෙකු වූ 78 හැවිරිදි ජනාධිපති ඩැනියෙල් ඔර්ටෙගා රජය පෙරලා දැමීමයි. ඔහු දශක හතරක කෲර Somoza ආඥාදායකත්වය අවසන් කිරීමට උදව් කළ නමුත්, 2007 සිට ඔහුගේ නවතම ජනාධිපති ධුර කාලය තුළ නිකරගුවාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත් කළේය.

විරෝධතා හේතුවෙන් 320 කට වැඩි පිරිසක් මිය ගිය බව ද ඒ දිනවල වාර්තා විය.

විශ්ව රූ රැජින උත්සවය නරඹමින් සිටි ඇතැම් නිකරගුවානු ජනතාව , Palacios ගේ සුදු ඇඳුම සහ නිල් පැහැති තොප්පිය සහිත ඇඳුම දුටුවේ 2018 න් පසු තහනම් කරන ලද එරට ජාතික ධජයට සඳහනක් වශයෙනි.



Palacios උත්සවය අතරතුර දේශපාලනික වශයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඇය 18 වැනි සියවසේ බ්‍රිතාන්‍ය ස්ත්‍රීවාදී මේරි වෝල්ස්ටෝන්ක්‍රාෆ්ට් උපුටා දක්වමින් තම ඔටුන්න “ලෝකයේ ගැහැනු ළමයින්ට සහා මගේ රටේ මිලියන 6 කට වැඩි ජනතාවට” කැප කරන ආශ්වාදයක් ලෙස සඳහන් කළාය.

ඇයගේ මෙම ජයග්‍රහණය ප්‍රීති වීමට එතරම් දෙයක් සිදු නොවන රටක සිටින ජනතාවට දුර්ලභ ප්‍රීතියක් ගෙන ඒමට හේතු විය.

"2018 සිට නිකරගුවාව පොලිස් රාජ්‍යයක් ලෙස පැවතුණා. පසුගිය කාලයේ රට තුළ ආගමික රැස්වීම්වලට පවා ඉඩ දුන්නේ නැහැ. නමුත් Palacios ජයග්‍රහණය කළ විට ජනතාව ජාතික ධජය රැගෙන ජාතික ගීය ගයමින් පාරට බැස්සා." යැයි Cuadra පැවසීය.

Palacios ගේ ජයග්‍රහණයත් සමග , රජය ඇයට සුබ පතමින් පණිවිඩයක් නිකුත් කළේය. නමුත් එහි ඔර්ටෙගා හෝ ඔහුගේ බිරිඳගේ සහ උප සභාපති රොසාරියෝ මුරිලෝගේ සම්ප්‍රදායික අත්සන එහි සදහන් වී තිබුණේ නැත. නමුත් මුරිලෝ විශ්ව රූ රැජින සැමරීමේ මුවාවෙන් "නිෂ්පාදිත ප්‍රකෝප කිරීම්" සැලසුම් කරන "කුමන්ත්‍රණ කුමන්ත්‍රණකරුවන්" සිටිය හැකි බව ප්‍රකාශ කළේය .

මේ අතර එල්ල වන විවේචනවලින් Palacios ආරක්ෂා කළ ටික්ටෝකර්වරයෙකු රැදවුම් භාරයේ තබා ගැනීමට නිකරගුවා පාලන තන්ත්‍රය කටයුතු කර ඇති අතර , එස්ටෙලි නගරයේ ඇයට ගෞරවයක් වශයෙන් නිර්මාණය කළ බිතු සිතුවමක් විනාශ කරන ලෙස කලාකරුවන් දෙදෙනෙකුට බල කර ඇත .



නිකරගුවා පාලන තන්ත්‍රය විසින් , එල් සැල්වදෝරයට ගිය නිකරගුවා රූ රැජින ෆ්‍රැන්චයිස් හි අධ්‍යක්ෂ කැරන් සෙලෙබර්ටිට නැවත පැමිණීමට  තහනම් කර ඇති හෙයින්, Palacios ට නැවත නිකරගුවාවට යාමට අවසර ලැබේද යන්න පැහැදිලි නැත. සෙලෙබර්ටිගේ සැමියා සහ පුතා ද අතුරුදන් වී ඇති බව සඳුදා දිනයේ දී වාර්තා විය .

“රට තුළ නිදහස මුළුමනින්ම විනාශ වී ඇති බව අපි දකිමු. රට තුළ සිටින 300කට වැඩි පිරිසකගේ ජාතිකත්වය ඉවත් කර තිබෙනවා. ක්‍රියාත්මක වූ NGO වලින් බාගයක් වහලා. දේශපාලන සිරකරුවන් 80 කට වැඩි පිරිසක් තවමත් සිරගෙවල් තුළ දුක් විදිනවා." යැයි හියුමන් රයිට්ස් වොච් හි ඇමරිකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජුවාන් පැපියර් පැවසුවේය.

2018 දී ඇති වූ විරෝධතාවලිය ප්‍රවර්ධනය කළ බවට ඔර්ටෙගා විසින් චෝදනා කළ කතෝලික පල්ලිය ද, මේ වන විට පීඩාවට ලක්ව ඇත.

"ත්‍රස්තවාදයේ මධ්‍යස්ථානයක්" ලෙස රජය විසින් විස්තර කරන ලද Palacios විසින් අධ්‍යාපනය ලැබූ ජේසු නිකායික විශ්ව විද්‍යාලයක් වන Universidad Centroamericana මෑතකදී වසා දමන ලදී.

පෙබරවාරි මාසයේදී තවත් දේශපාලන සිරකරුවන් 222 දෙනෙකු සමඟ එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට සිටි Matagalpa හි රදගුරු Rolando alvarez ගේ , එම දඩුවම අහෝසි කොට , ඒ වෙනුවට වසර 26 ක සිර දඬුවමක් නියම කර ඇත.

2018 වසරේ සිට මේ දක්වා අවම වශයෙන් 600,000ක් පමණ වන නිකරගුවානුවන් රට හැර ගොස් ඇත. බොහෝ දුරට ඔවුන් සංක්‍රමණය වී ඇත්තේ එක්සත් ජනපදයට සහ කොස්ටාරිකාවටයි.

මෙම මස මුලදී නිකරගුවානු පාලන තන්ත්‍රය , තමාට එල්ල වී ඇති බොහෝ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ විවේචන ප්‍රතික්ෂේප කරමින් ඇමරිකානු ජනපද සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් විය.