nigeria-issues

සන්නද්ධ කණ්ඩායම් මධ්‍යම නයිජීරියාවේ ගම්මානවලට  ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත
ඉන්  අවම වශයෙන් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් ඇති  බව පළාත් පාලන නිලධාරීන් සඳුදා ප්‍රකාශ කර ඇත
ඉරිදා සවස හමුදාව විසින් වාර්තා කරන ලද මූලික මියගිය සංඛ්‍යාවට වඩා මෙම සංඛ්‍යාව තියුනු ලෙස වැඩි වී ඇත

මොවුන් නිරන්තරයෙන් ආගමික හා වාර්ගික ආතතීන් තුල ජිවිත ගත කළ පිරිස්ය

සානුව ප්‍රාන්තයේ බොක්කෝස් හි පළාත් පාලන ප්‍රධානී කසා, ඒඑෆ්පී වෙත පවසා ඇත්තේ සඳුදා පාන්දර සිට සෙනසුරාදා දක්වාම මෙම ගැටුම් පැවතීම හේතුවෙන් පුද්ගලයන් 113 දෙනෙකු මිය ගොස් ඇති බවයි

ප්‍රාදේශීය වශයෙන් “කොල්ලකරුවන්” ලෙස හඳුන්වන සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රහාර දියත් කර අවසන නිවාසවලට ගිනි තැබූ බවද  කසා ඒඑෆ්පී වෙත පවසා ඇත

එසේම ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ තුවාල වූ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් ඔවුනට හමුවූ බවත්,ඔවුන් බොක්කෝස්, ජෝස් සහ බාර්කින් ලැඩි හි රෝහල් වෙත මාරු කර යවා ඇති  බවත් ය

ප්‍රාදේශීය රතු කුරුස සංවිධානය විසින් කරන ලද තාවකාලික සංඛ්‍යාවකට අනුව බොක්කෝස් කලාපයේ ගම්මාන 18 ක මරණ 104 ක් වාර්තා වී ඇත



ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් චොලොම් පවසන පරිදි බාර්කින් ලඩි ප්‍රදේශයේ ගම්මාන කිහිපයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇත

මෙම ප්‍රහාර ප්‍රහාර හෙළා දකින මන්ත්‍රී ඩික්සන් ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රාදේශීය සභාපති දන්ජුමා දකිල් පවසන්නේ ප්‍රහාර බොක්කෝස් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර අසල්වැසි බාර්කින් ලඩි දක්වා එය ව්‍යාප්ත වූ අතර එහිදී පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බවයි

ඉරිදා සානුව ප්‍රාන්ත ආණ්ඩුකාර Caleb Mutfwang ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් එය ම්ලේච්ඡ සහ අසාධාරණ ප්‍රහාරයක් බව කියා ඇත

ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක Gyang Bere ප්‍රකාශයක් ලබා දෙමින් සදහන් කර ඇත්තේ අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා රජය විසින් ක්‍රියාකාරී පියවර  ගන්නා බවයි

නයිජීරියාවේ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් වෙසෙන උතුර සහ ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි වරුන් වෙසෙන දකුණු ප්‍රදේශයේ ,බෙදුම් රේඛාවේ පිහිටා ඇති කලාපයේ සඳුදා සවස් වන විටත් වෙඩි හඬ ඇසෙන්නට වී ඇත

මුෂු ගම්මානයේ පදිංචි මාර්කස් අමොරුදු නම් තැනැත්තා පවසා ඇත්තේ  වෙඩි හඬ ඇසෙන විට මිනිසුන් නිදා සිටි බවයි.

වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර තිබුනේ එය අනපේක්ෂිත ප්‍රහාරයක් නිසා බොහෝ මිනිසුන් බියවූ බවත් ප්‍රහාරකයින් ඔවුන්ගේ පිරිස අල්ලා ගත්  බවත්,සමහරු ඉන් මිය ගිය  අතර තවත් අය තුවාල ලැබූ බවත් ය.



ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රහාරයෙන් පසු රජය විවේචනය කරමින්, X,( කලින් ට්විටර් හි )සටහනක් තබමින් කියා සිටියේ ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රජාවන්ට නිරන්තර මාරාන්තික ප්‍රහාර අවසන් කිරීමට නයිජීරියානු බලධාරීන් අපොහොසත් වී ඇති බවයි

මෙම ගැටුම් එරටෙහි අද ඊයෙක ඇතිවුවක් නොවෙයි.වයඹ සහ මධ්‍යම නයිජීරියාවේ  දිගු කලක් තිස්සේ වනාන්තරවල කඳවුරුවල සිට මෙම  කණ්ඩායම්  ක්‍රියාත්මක වන අතර ඔවුන් මිනිසුන් භීතියට පත් කරමින්,කප්පම් ලබා ගනිමින්,නිවාස කොල්ලකමින්,පැහැරගැනීම් සිදු කරමින් ගම් වැටලීම සිදු කරනු ඇත

මෙම තත්ත්වය ශීඝ්‍ර ජනගහන වර්ධනය සහ දේශගුණික පීඩනය හේතුවෙන් තවත් තිවුර වී ඇති අතර සංචාරක එඬේරුන් සහ ගොවීන් අතර ස්වභාවික සම්පත් සඳහා වන තරඟයද මීට හේතුවී ඇත

එවකට බොකෝ හරාම් ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට සම්බන්ධ ප්‍රතිවාදීන් සමඟ ආධිපත්‍යය සඳහා සටන් කරන විට, 2009 සිට ඊසානදිග නයිජීරියාවේ ජිහාඩ් ගැටුමක් ඇවිලී ඇති අතර, දස දහස් ගණනක් මිය ගොස් මිලියන 2 ක් පමණ අවතැන් වී ඇත

කෙසේනමුත් පෙබරවාරි මාසයේ දී අතිශය තරඟකාරී ඡන්දයකින් තේරී පත් වූ හිටපු ලාගෝස් ආණ්ඩුකාරවරයා, අප්‍රිකාවේ විශාලතම ආර්ථිකයට සහ වඩාත්ම ජනාකීර්ණ රටට එහි අඛණ්ඩ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා වැඩි ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පොරොන්දු දී ඇත