nuwara-eliya-science-sir-arrested

නුවර එළිය, වලපනේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක 9 ශ්‍රේණියේ සිසුවියන් තිදෙනකු පාසලේ විද්‍යාගාරයේදී ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි කියමින් එම පාසලේ විද්‍යා ගුරුවරයකු පෙරේදා (20) අත්අඩංගුවට ගත් බව කීරිතිබණ්ඩාරපුර පොලිසිය පවසයි.





මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, කිතුල්ලේ පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි විවාහක ගුරුවරුයෙකු වන අතර ඔහුගේ බිරිඳද ගුරුවරියක ලෙස සේවය කරන බව පොලිසිය පවසයි.මෙම ගුරුවරයා සිසුවියන් තිදෙනාගෙන් එක් සිසුවියක සමග ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් අති අතර එම සිසුවිය හරහා සම්බන්ධ වූ අනෙක් සිසුවියන් දෙදෙනාද ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි මූලික විමර්ශන වලින් අනාවර්ණය වූ බව පොලිසිය කියයි.

සිසුවියන්ගෙන් ලැබුණු තොරතුරු අනුව එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එක් සිසුවියකගෙන් වස්ඇප් මගින් ඇගේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කාරකම් කර ඇති බව පොලිසිය කියයි.

ගුරුවරයාගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් ගුරුවරයා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සිසුවියන් තිදෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
විමුක්ති සංජය පෙරේරා