විදේ­ශ­ගතව හෙද අංශයෙහි රැකියා ලබාගැනීමට අවස්ථාව සැලසෙන ‘ළමා සහ වැඩි­හිටි සාත්තු සේවිකා පාඨ­මා­ලා­ව­ක් යයි ​සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් විශාල වශයෙන් පුද්ගලයින්ගේ මුදල් ගසා කෑ බම්බලපිටියේ ආයතනයක් වැටලූ පොලිසියට එහි හිමිකරු පළාගොස් ඇති බව දැනගන්නට ලැබී ඇති අතර අධ්‍යක්ෂිකාව අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ.
හෙදියන් සඳහා“එන් වී කියු ලෙවල් ෆෝ” ලෙස සහ­ති­ක­යක් ලබා දෙන බව පැවසුවද තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචියක් හෝ අනුමැතියක් ලබා නොමැතිව තිබූ එම ආයතනය අයදුම්කරුවන්ට ලබාදී ඇත්තේ ව්‍යාජ සහතිකයි.
දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල තරුණ කාන්තා­ව­න්ගෙන් රුපි­යල් කෝටි දෙක­කට අධික මුද­ලක් වංචා කළ මෙම අධ්‍යා­පන ආය­ත­න­යේ හිමි­ක­රු­ සහ එහි අධ්‍ය­ක්ෂගේ විදෙස් ගමන් තහ­නම් කර­මින් කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සිංහ මහතා ඊයේ (04) නියෝ­ග­යක්ද නිකුත් කළේය.


මෙලෙස විදෙස් ගමන් තහ­නම් කරනු ලැබුවේ අංක 30, ලෝරිස් පාර, බම්බ­ල­පි­ටිය ලිපි­නයේ පව­ත්වා­ගෙන යන Evolve College of Education   ‘ඉවොල්ව් කොලේජ් ඔෆ් එඩි­යු­කේ­ෂන් නමැති ආය­ත­නයේ හිමි­කරු වන 25 හැවිරිදි මට්ට­ක්කු­ලිය පදිංචි ඉස්මත් මොහො­මඩ් අජ්මාල් සහ එම ආය­ත­නයේ අධ්‍යක්ෂිකාව බව කියන 24 හැවිරිදි පහළ නාරං­ගම, ගිරි­උල්ල පදිංචි කහ­දූව අප්පු­හා­මි­ලාගේ නිපුණී ආවේ­ෂිකා යන අය­ගේය.

1990 අංක 20 දරන තෘතීක හා වෘත්තීය අධ්‍යා­පන පනතේ 14, 15, 16 වගන්ති සහ ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 400 වග­න්තිය යටතේ මෙම සැක­ක­රු­වන් වර­දක් සිදු­කර ඇතැයි සඳ­හන් කර­මින් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ බම්බ­ල­පි­ටිය පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පද්ම­ලාල් මහතා විසිනි.



මට්ට­ක්කු­ලිය, ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල, කඩු­වෙල, කළු­තර, වත්තල, කඳාන, මීග­මුව ඇතුළු දිව­යිනේ ප්‍රදේශ ගණ­නා­වක පැමි­ණි­ලි­ක­රු­ව­න්ගෙන් මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි රාශි­යක් ලැබී ඇති බව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ බම්බ­ල­පි­ටිය පොලි­සිය, ඉන් නඩු 45ක් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කළේය.

මෙම සැක­ක­රු­වන් මුහු­ණු­පොතේ දැන්වීම් පළ කර­මින් දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල කාන්තා­වන් සම්මුඛ පරී­ක්ෂ­ණ­ව­ලට කැඳවා මෙම පුහුණු පාඨ­මා­ලාව සඳහා රුපි­යල් ලක්ෂ තුන­කට අධික මුද­ලක් එක් අය­කු­ගෙන් අය­කර ඇති බවත්, පසුව වස­රක කාල­යක් පුරා පාඨ­මා­ලාව පවත්වා ඉකුත් සැප්තැ­ම්බර් මස 02 වැනිදා බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී මෙම ව්‍යාජ ඩිප්ලෝමා සහ­තික ලබාදී ඇති බවත් බම්බ­ල­පි­ටිය පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.

සැක­ක­රු­වන් “එන් වී කියු ලෙවල් ෆෝ” සහ­ති­කය ලබා දීමට රජ­යෙන් කිසිදු ආය­ත­න­යක ලියා­ප­දිංචි අව­ස­ර­යක් ලබා­ගෙන නොමැති අතර, එය වලංගු සහ­ති­ක­යක් නොවන බවත්, එම සහ­ති­කයේ කිසිදු වග­කි­ව­යු­ත්ත­කුගේ අත්ස­නක් හෝ මුද්‍රා­වක් හෝ නැති බවත් බම්බ­ල­පි­ටිය පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

අදාළ ඩිප්ලෝමා පාඨා­මා­ලාව ප්‍රදා­නය කිරීම සඳහා ලෝගුව ලබා දීමට යැයි පව­ස­මින් සැක­ක­රු­වන් අදාළ පැමි­ණි­ලි­ක­රු­ව­න්ගෙන් තවත් අම­තර රුපි­යල් පහ­ළොස් දහ­සක මුද­ලක් ද ලබා ගෙන තිබූ අතර, මෙම උත්ස­වය සඳහා ඩිප්ලෝ­මා­ධා­රීන් සිය­යට අධික සංඛ්‍යා­වක් සහ­භාගි වී තිබූ බව පැමි­ණි­ලි­ක­රු­වන් සඳ­හන් කර ඇතැයි ද පොලි­සිය අධි­ක­ර­ණ­යට වාර්තා කළේය.



මෙම සිද්ධියේ පළමු සැක­කරු වන අදාළ අධ්‍යා­පන ආය­ත­නයේ හිමි­කරු විවිධ නම්ව­ලින් පෙනී සිටි­මින් මෙම වංචාව සිදු­කර ඇති අතර, මේ වන විට පදිං­චිය අත­හැර ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පරී­ක්ෂණ පව­ත්වන බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි ලද පසු විම­ර්ශන පවත්වා සැක­කාර අධ්‍ය­ක්ෂ­ව­රිය ඉකුත් 31 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු මේ වන විට ඇප මත සිටින බව ද පොලි­සිය අධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළේය.

සැක­ක­රු­වන් අදාළ පුද්ග­ල­ය­න්ගෙන් මෙම ඩිප්ලෝමා පාඨ­මා­ලාව සඳහා අය කළ මුදල පෞද්ග­ලික බැංකු­වට බැර කර­ගෙන තිබූ බැවින් එම බැංකු ගිණුම් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු­කළ යුතුව ඇතැයි බම්බ­ල­පි­ටිය පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ අතර, එම බැංකු ගිණු­ම්වල වාර්තා කැඳ­වී­මට නියෝ­ගක් නිකුත් කරන ලෙස ද අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

ඒ අනුව සැක­ක­රු­වන් වංචා කළ මුදල් සම්බ­න්ධ­යෙන් බැංකු වාර්තා කැඳ­වීම සඳහා අදාළ පෞද්ග­ලික බැංකුවේ කළ­ම­නා­කරු වෙත අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් නිකුත් විණි.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිද්ධි­යට සම්බන්ධ ප්‍රධාන සැක­කරු වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට බම්බ­ල­පි­ටිය පොලි­සි­යට නියෝග කර­මින් එම නඩු කල් තැබීය. 

නිමන්ති රණ­සිංහ