ol-best-results-holders-2022

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2022 විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් සිසු සිසුවියන් දස දෙනාගේ නාම ලේඛනය විභාග දෙපාර්තමේන්තුව ඊයේ (1) නිල වශයෙන් නිකුත් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර ඉහළම ලකුණු ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ කොටුවේගෙදර සමාධි අනුරාධා රණවක ශිෂ්‍යාවය.


දෙවැනි ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ ආක් ශෙයා ආනන්දසයානන් ශිෂ්‍යාව විසින් හිමිකරගනු ලැබ ඇත.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව තෙවැනි
ස්ථානය සහ හතර වැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වී ඇත.
ඒ අනුව තෙවැනි ස්ථානය අලහකෝන් මුදියන්සේලාගේ අරිත මින්සඳු අලහකෝන් ශිෂ්‍යාටත්, හතර වැනි ස්ථානය රාජකීය විද්‍යාලයේ සඳයුරු සනහස් ආරියසිංහ ශිෂ්‍යාටත් හිමිව ඇත.
හතර වැනි ස්ථානය ශිෂ්‍යාවන් දෙදෙනකුට හිමිව ඇති අතර අනෙක් ශිෂ්‍යාව ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ දිසානායක මුදියන්සේලාගේ දුල්මිණි සදීපා දිසානායකය.
මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව හයවැනි ස්ථානය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතර දෙනෙකුට හිමිව ඇත.


ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමාච් උත්පලිනි අබේරත්න සිරිවර්ධන සහ
දික්මාදුගොඩගේ සචින්ති මෙතුමිණි, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ පටබැඳි මද්දුමගේ සෙව්මික පබසර, ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුග හින්දු බාලිකා විද්‍යාලයේ දර්ශන කෝනේෂ් හයවැනි ස්ථානය දිනාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති.
දසවැනි ස්ථානයද ශිෂ්‍යාවන් දෙදෙනෙකු විසින් දිනාගනු ලැබ ඇති අතර, කොළඹ මියුසියස් විද්‍යාලයේ අසිස්සා හීමන්සි හේවගේ සහ මහනුවර බාලිකා විද්‍යාලයේ මනීෂා ෂෙරෝන් රාජපක්ෂ එම ශිෂ්‍යාවෝ වෙති.