ol-results-percentages

විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් පසු­ගි­යදා සාමාන්‍ය පෙළ ප්‍රති­ඵල නිකුත් කළේ ඒ 2022 (2023 ) වස­රෙට අදාළ වූ ප්‍රති­ඵ­ලය. එම ප්‍රති­ඵල නිකුත් කරන තෙක් සිසුහු පෙර­මඟ බලා සිටියේ තමන්ට හිමි වූ ප්‍රති­ඵ­ලය කුමක්ද යන්න දැන ගැනීමේ අර­මු­ණිනි.

සාමා­න්‍ය­යෙන් දෙසැ­ම්බර් මස සාමාන්‍ය පෙළ විභා­ගය පැවැ­ත්විය යුතු වුව ද කොවිඩ් වසං­ග­තය හේතු­වෙන් විභාග කාල සට­හන් තව­ම­තක් නිසි පරිදි ස්ථාන­ගත නොවීම නිසා 2022 වස­රට අදාළ වූ සාමාන්‍ය පෙළ විභා­ගය පැවැ­ත්වූයේ මැයි මස 29 සිට ජූනි 8 දක්වාය. එනම් මාස 6 කට ආසන්න කාල­යක් ප්‍රමාද වීමෙනි.

කෙසේ වුව ද විභාග ප්‍රති­ඵල ලබා දීමට මාස 4 ක කාල­යක් ගත වුව ද මෙවර විභා­ගය පවත්වා ප්‍රති­ඵල ලබා දීමට විභාග දෙපා­ර්ත­මේ­න්තු­වට ගත වී ඇත්තේ මාස තුනයි දින 12 ක් වැනි කෙටි කාල­යකි.

සමත් ප්‍රමා­ණය

2022 වසර සඳහා සාමාන්‍ය පෙළ විභාග අපේ­ක්ෂ­ක­යන් 317,657 දෙනෙක් විභා­ග­යට පෙනී සිට ඇති අතර ඒ පාසල් හා පෞද්ග­ලික අයැ­දු­ම්ක­රු­වන් වශ­යෙනි. එයින් මෙවර උසස් පෙළ විභා­ගය හැදෑ­රීම සඳහා සුදු­සු­කම් ලැබී­මට 236, 041 දෙනෙක් සුදුස්සෝ වූ බව විභාග දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ප්‍රති­ශ­ත­යක් වශ­යෙන් එය 74.31% කි. විභාග දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරන්නේ මෙවර උසස් පෙළ හැදෑ­රීම් සඳහා සාමාන්‍ය පෙළ සමත් ප්‍රමා­ණයේ සුළු අඩු­වී­මක් පෙන්නුම් කරන බවකි.

පසු­ගිය වසර සංස­න්ද­න­යේදී එය 2017 වස­රේදි 73.05% ක් ද, 2018 වස­රේදී 75.09% ක් ද, 2019 වස­රේදී 73.84% ක් ද, 2020 වස­රේදි 76.59% ක් ද, 2021 වස­රේදි එම ප්‍රමා­ණය 74.52ක් ද වූ බවය.



A 9

විභාග දෙපා­ර්ත­මේන්තු දත්ත­ව­ලට අනුව පසු­ගිය වසර කිහි­පය හා සංස­න්ද­න­යේදි මෙවර A 9 සම­ත්ලා­භීන්ගේ ප්‍රමා­ණය ඉහළ අග­යක් ගෙන තිබීම සතු­ටට කරු­ණකි. මෙවර A 9 සම­ත්ලා­භීන්ගේ ප්‍රමා­ණය 13,380 කි. 2021 එම ප්‍රමා­ණය 10,863 කි. ප්‍රති­ශ­ත­යක් වශ­යෙන් ගත් විට 2018 දී 3.13% ක් ද, 2019 දී 3.34% ක් ද, 2020 දී 3.78% ක් ද 2021 දී 3.49ක් ද, 2022 එනම් මේ වස­රේදි 4.21 ක් ද වී ඇති බවයි.

අස­මත් ප්‍රමා­ණය

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගයේ අස­මත් එනම් ප්‍රධාන විෂ­ය­යන් 6 හා ඊට වැඩි අස­මත් ප්‍රමා­ණය 7,045 ක් වී ඇති අතර එම ප්‍රති­ශ­තය 2.22% කි.