olivia fransworth

එක්සත් රාජධානියේ ඔලිවියා ෆ්‍රාන්ස්වර්ත් දැරිය මෝටර් රථයක ගැටී මද දුරක් ඇදී ගිය පසුවත් කිසිවක් නොවූ අයුරින් නැගිට ඇවිද යෑමේ සිද්ධිය හේතුවෙන් කෘතිම ශරීර අංග ඇති දැරිවිය ලෙස ඇය අන්වර්ථ නාමයක් හිමිකර ගත්තාය. මෙම රිය අනතුර සිදු වී ඇත්තේ 2016 වසරේ දීය. ඒ අවස්ථාවේදී ඇයගේ වයස අවුරුදු 7 කි.

දුර්ලභ ජානමය තත්වයක් හේතුවෙන් ඇයට මෙලෙස වේදනාව නොදැනෙන බවත් ඇයට වේදනාව පමණක් නොව කුසගින්න සහ මහන්සියද නොදැනෙන බවත් වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

මෙම දුර්ලභ ජානමය තත්වය ඇත්තේ ලෝකයෙන්ම ඔලිවියාට පමණක් විය හැකි බව වෛද්‍යවරු පැවසූහ.

ඇය අනතුරුදායක යන වචනයේ තේරුම පවා නොදන්නා බවත් 2016 වසරේදී රිය අනතුරට භාජනයවූ අවස්ථාවේ ඔලිවියා ඒ ගැන කිසිඳු පැමිණිල්ලක් නොකර සාමාන්‍ය දෙයක් සිදු වූ ආකාරයට හැසිරුණු බවත් ඔලිවියාගේ මවවූ නිකී ට්‍රපොක් මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවාය.

මෝටර් රථය ඇයගේ ශරීරයට උඩින් ගොස් ඇතත් ඇයට කිසිඳු බරපතළ තුවාලයක් සිදු නොවූ බවද ට්‍රපොක් ප්‍රකාශ කළාය.

ඇය කුඩා කාලයේ සිටම මෙම රෝග තත්වය පෙන්නුම් කළ බවත් ඔලිවියාගේ කොණ්ඩය වැවීමට පටන් ගැනීමට අවුරුදු 4 යි මාස 6 ක් ගතවූ බවත් ට්‍රපොක් පැවැසුවාය.