oscar-actor-dies

වසර 2020 ඔස්කාර් සම්මාන හත­ර­කින් පිදුම් ලැබූ ‘පැර­ස­යිට්‘ චිත්‍ර­ප­ටයේ රංග­න­යෙන් අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­යට පත්ව සිටි දකුණු කොරි­යානු නළු ලී සන් කියුං සියදිවි හානි කර­ ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 48 හැවි­රිදි වියෙහි පසු වූ ලී සන්ගේ සිරුර මධ්‍යම සෝල් නුවර රථ ගාලක නවතා තිබූ මෝටර් රථ­ය­කින් හමු වූ බව සෝල් නුවර පොලි­සිය ප්‍රකාශ කර තිබේ.





කලක් මත්ද්‍රව්‍ය භාවි­තය සම්බ­න්ධව සැකපිට අත්අ­ඩං­ගු­වට පත්ව සිට මේ නළුවා මිය යෑමට පෙර ලියන ලද ලිපි­යක් ඔහුගේ බිරිය විසින් පොලි­සි­යට භාර දී ඇති අතර, එය සියදිවි හානි කර ­ගැ­නීම සම්බ­න්ධව ලියන ලද්දක් බව පොලි­සිය තහ­වුරු කර ඇතැයි ද වාර්තා වේ.