pallama-incident

යතුරුපැදියක නංවාගෙන යාම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියකුට පොල්ලකින් පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය සඳහන් කළේය.



ඉකුත් 11 වැනිදා පස්වරු 6.20ට පමණ ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇත.

රස්නායකපුර පොලිසියේ සේවය කරන කෝසල ප්‍රභාත් වනසිංහ (60971) නමැති 40 හැවිරිදි පොලිස් සැරයන්වරයා සේවය අවසන් කර කොත්තන්තිව්,

කරවාමඩුවේ පිහිටි සිය නිවස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේදී පුද්ගලයකු එය නවත්වා තමාත් රැගෙන යන්නැයි ඉල්ලීමක් කර තිබේ. එහෙත් තමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහු පොල්ලකින් පහර දුන් බව පැමිණිලිකාර සැරයන්වරයා පොලිසිය හමුවේ පවසා ඇත.

පහර කෑ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පල්ලම පොලිසිය පැවසීය.

ජූඩ් සමන්ත - පුත්තලම