polgasowita-liquer-pot-nabbed

පොල්ග­ස්ඕ­විට, හෙර­ලි­යා­වල ප්‍රදේ­ශයේ වගු­රු­බි­මක ඉතා සූක්ෂ්ම ලෙසින් පව­ත්වා­ගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගා­ර­යක් වැට­ලී­මෙන්, එහි තිබූ ගෝඩා මි.ලී. අට­ලක්ෂ හත­ළි­ස්ද­හ­සක් සහ කසිප්පු මි.ලී. තිස්තු­න්ද­හස් හත්සිය පන­හක් සමඟ එකම පවුලේ මාමා සහ දිය­ණි­යක අත්අ­ඩං­ගු­වට ගත් බව කහ­තු­ඩුව පොලි­සිය පව­සයි.

වැඩ බලන පොලි­ස්පති දේශ­බන්ධු තෙන්න­කෝන් මහ­තාගේ උප­දෙස් මත ක්‍රියා­ත්මක ‘යුක්තිය’ වැඩ­ස­ට­හන යටතේ මෙම වැට­ලීම සිදු කර තිබුණි.

කහ­තු­ඩුව පොලි­සියේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ප්‍රියං­කර මහ­තාට ලද තොර­තු­ර­කට අනුව නිල­ධාරී කණ්ඩා­ය­මක් පොල්ග­ස්ඕ­විට, හෙර­ලි­යා­වල ප්‍රදේ­ශයේ කැලෑ­බද ප්‍රදේ­ශ­යක වැට­ලී­මක් සඳහා යමින් සිටි­යදී, ස්කූටි යතු­රු­පැ­දි­යක සැක­ක­ට­යුතු ලෙස ප්ලාස්ටික් කෑන් එකක් තබා­ගෙන කාන්තා­වක රැඳී සිටිනු දැක තිබේ. එම අව­ස්ථා­වේදී කැලෑ­බද පෙදෙසේ කාන්තාව රැඳී සිටින්නේ කුම­ක­ට­දැයි විමසූ විට ඊට නිසි පිළි­තු­රක් ලබා නොදීම නිසා සැක සිතී, ප්ලාස්ටික් කෑන් එක පරීක්ෂා කිරී­මේදී එහි කසිප්පු මි.ලී. තිස්තු­න්ද­හස් හත්සි­ය­ප­න­හක් තිබී ඇති බවට අනා­ව­ර­ණය වී ඇත.

එම කාන්තාව අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­මේදී ඊට යාබද වගු­රු­බි­මක කසිප්පු පෙර­මින් තම මාමා සිටින බවත්, ඔහු පැමි­ණෙන තෙක් මෙහි රැඳී සිටින බවත් ඇය පවසා තිබේ.

ඒ අනුව පොලිස් නිල­ධා­රීන් මහත් පරි­ශ්‍ර­ම­යක් දරා කැලෑ රොදක් මැද පිහිටි වගු­රු­බි­මට ගොස් එහි සිටි පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගෙන, නීති විරෝධී මත්පැන් නිෂ්පා­ද­නය සඳහා භාවිතා කරන ගෝඩා මි.ලී. දෙලක්ෂ දහ­දා­හක් බැගින් බහා තිබූ ගෝඩා බැරල් හත­රක් පොලිස් භාර­යට ගෙන ඇති අතර,

එහි ගෝඩා මි.ලී. අට­ලක්ෂ හත­ළි­ස්ද­හ­සක් තිබූ බව පැවසේ. මෙම වැට­ලී­මේදී ගෝඩා මි.ලී. අට­ලක්ෂ හත­ළි­ස්ද­හ­සක් කසිප්පු මි.ලී. තිස්තු­න්ද­හස් හත්සි­ය­ප­හ­නක් අඩි පහක් උස දඟර 2ක්, ගෑස් සිලි­න්ඩ­ර­යක්, ගෑස් ළිපක්, ප්ලාස්ටික් කෑන් 4ක් සහ බැරල් 04ක් පොලිස් භාර­යට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එකම පවුලේ මාමා සහ දිය­ණිය වන අතර, සැක­කරු මීට සති දෙක­කට පෙර ගෝඩා මි.ලී. විසි­තු­න්ලක්ෂ දස­ද­හ­සක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව දඩ ගෙවා නිද­හස් වූ අයකු බව පැවසේ. අත්අ­ඩං­ගු­වට ගත් එම ප්‍රදේ­ශ­යේම පදිංචි (25) සහ (60) හැවි­රිදි සැක­කරු හා සැක­කා­රිය කැස්බෑව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.



සිද්ධිය සම්බ­න්ධ­යෙන් කහ­තු­ඩුව පොලි­සියේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ප්‍රියං­කර මහ­තාගේ උප­දෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති පො.සැ (41445) ලලිත්, පො.සැ (5205) අසංක, (6215) තෙන්න­කෝන්, පො.කො (97337) ඒක­නා­යක, (94949) මධු­සංඛ, (97284) ප්‍රේම­සිංහ ඇතුළු නිල­ධා­රීහු වැට­ලීම සිදු­කොට ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.
කොට්ටාව - ප්‍රදීප් කුමාර