private-university-student-kidnap

පෞද්ගලික  විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන 18 හැවිරිදි සිසුවකු සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග පැහැරගෙන ඉඩමක් බලහත්කාරයෙන් ලියා ලියා ගැනීමට තැත් කළ බව කියන පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් තිදෙනකු පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

පැහැරගැනීමට ලක් වූ සිසුවා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.සැකකරුවන් පැහැර ගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.පැහැර ගැනීමට ලක්වූ සිසුවා ඉකුත් 4 වැනි දා සිය පියා මෝටර් රථයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඇරලවා නිවසට පැමිණ කළුබෝවිල ආසිරි මාවතේ පිහිටි නිවසින් පිටත්ව යමින් සිටියදී මෙසේ පැහැරගැනීමට ලක් වී ඇති බව පොලිසිය කියයි.සිසුවා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයට දෙහිවල නගර සභාව ආසන්නයේදී වෑන් රථයක් මඟ හරස් කර ඉන් බැස ආ තරුණයන් සිවු දෙනකු සිසුවා මෝටර් රථයෙන් එළියට ගෙන වෑන් රථයට දමාගෙන පැහැරගෙන ඇතැයි පොලිසිය ගොස් සඳහන් කරයි.



එම පිරිස කළුබෝවිල රෝහල ආසන්නයේ දී වෑන් රථය අසල නිවසක දමා පැහැර ගත් මෝටර් රථයට සිසුවා ද නැවත නංවාගෙන මාතලේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති අතර එහිදී සිසුවාගේ පියාට අයත් තිහාරියේ පිහිටි ඉඩම හා පැහැරගත් මෝටර් රථය ලියා දෙන ලෙස ඔහුට තර්ජනය කර ඇති බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.පැහැර ගැනීමට ලක්වූ සිසුවා ඒ පිළිබඳව ජංගම දුරකතනයෙන් සිය මවට පැවසීමෙන් අනතුරුව සහ සහෝදරයා කොහුවල පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සිසුවා පැහැරගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියා පොලිසියට ගෙන්වා, ඔහු ලවා සැකකරුට දුරකථන ඇමතුමක් දී උපක්‍රමශීලීව කොහුවලට ගෙන්වාගෙන ඇති අතර ඔහු සමග සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද පැමිණ ඇත. එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.ප

ැහැර ගැනීමට ලක් වූ පැහැර සිසුවාගේ පියා හා ගැනීම කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී කළ හවුල් ව්‍යාපාර කටයුත්තක දී ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බව එම නිලධාරියා කීවේය. පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු විසි දෙක හා විසිතුන අතර වයස්වල පස්වන්නන් බව පොලිසිය කියයි.


බිමල් ශ්‍යාමන් ජයසිංහ