queensland-flood

උතුරු ඕස්ට්‍රේලියාවේ ගංවතුර තත්වය යම්තාක් දුරකට පහව ගොස් ඇති නමුත්, බොහෝ නගර කිඹුලන් සහිත ජලයේ හුදකලා වී ඇත.

ඕස්ට්‍රේලියාවට බලපෑ නිවර්තන කලාපීය Jasper සුළි කුණාටුවෙන් ඇති වූ ආන්තික කාලගුණය හේතුවෙන් , ක්වීන්ස්ලන්තයේ ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් ඇද හැලී තිබේ.

සමහර ගංගා වාර්තාගත මට්ටමට ඉහළ නැගීම නිසා , බොහෝ නිවාස ගංවතුරට යටවීම් ,  මාර්ග හා විදුලිය විසන්ධි වීම් වාර්ථා වන අතර,  මේ හේතුවෙන් ඒ ආශ්‍රිත ජනයා බෝට්ටු භාවිතා කරමින් නිවාස හැරදා  පලා ගොස් ඇත. වාර්ථා වන අන්දමට බලපෑමට ලක්වූවන්ගෙන් එක් පුද්ගලයෙක් අතුරුදන් වී ඇත.

මිනිසුන් සිය ගණනක් තවමත් ගංවතුරට කොටු වී සිටියි.  ක්වීන්ස්ලන්ත බලධාරීන් පවසන්නේ, මේ වන විට වර්ෂාව අඩු වී ඇති නිසා ගංගා මට්ටම් පහත වැටීමට පටන් ගෙන ඇති බවයි.

ජලයෙන් යටවීම හේතුවෙන් ඉරිදා දිනයේදී  කේර්න්ස් ගුවන් තොටුපළ වසා දැමීමට සිදු වූ අතර, එම නිසා ගලවා ගැනීමේ සහ සහන කටයුතුවලට බාධා එල්ල වී ඇත.



Cooktown සහ Innisfail අතර බොහෝ ප්‍රජාවන් ගංවතුර හේතුවෙන් පීඩා විදින අතර, එම කලාපයන්ගේ ආහාර සහ පානීය ජල තොග අඩු වෙමින් පවතී.

මූලික අවධානය යොමු කළ යුත්තේ Wujal Wujal ප්‍රෙද්ශයට වන අතර, එහි 300ක පමණ පිරිසක් ඉවත් වීමට අවස්ථාවක් පැමිනෙන තුරු බලා සිටිති.

හිටපු නගරාධිපති Desmond Tayley පැවසුවේ, ඇති වූ ආන්තික තත්වය නිසා පීඩාවට පත් වූවන් සම්බන්ධයෙන් තමා "බරපතල කනස්සල්ලකින්" පසු වන බවයි. විදුලිය නොමැති වීම සහ සියළුම සැපයුම් අවසන් වී ඇති නිසා, පීඩාවට පත් ප්‍රදේශවාසීන් කිඹුලන් සැරිසරණ ගංවතුර හරහා ගමන් කරමින් සිටියි.  මීටර් 6කට ආසන්න විශාලත්වයකින් යුතු කිඹුලන් ගංවතුරත් සමග නගරයන්ට පැමිණ ඇත. " යැයි ඔහු පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් සඳුදා දිනයේ දී මුදවා ගැනීමේ කටයුතු අත්හැර දැමීමට සිදු වූ නමුත්,  බලධාරීන් පැවසුවේ මේ වන විට කිඹුලන් නගරයට පැමිණ ඇති නිසා වැඩිහිටියන් හා අවදානමට ලක්විය හැකි අය පිටතට ගැනීමට ඉක්මනින් කටයුතු කරන බවයි.

අතුරුදහන් වූ පුද්ගලයා 85 හැවිරිදි පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර , ඔහු අවසන් වරට දැක තිබුණේ ඉරිදා දිනයේ දීය.

රාජ්‍ය නිලධාරීන් පොරොන්දු වී ඇත්තේ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සැපයුම් කලාපය පුරා නගර වෙත කඩිනමින් ගෙන යන බවයි.



ගංවතුර තත්වය අවසන් වී ඇතැම් ප්‍රදේශ පිරිසිදු කිරීම ආරම්භ කරන විට, දූෂිත ජලය සහ අවතැන් වූ වන සතුන්ගෙන් රෝග හා වසංගත තත්වයන් පැතිර යාමේ අවදානම් පිළිබඳව ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා ඇත.

මෙම සතිය අගදී ගංවතුර කලාප වෙත පැමිණෙන අගමැති Anthony Albanese, විපතට පත් වූවන් සඳහා හදිසි ගෙවීම් සහ ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා අඛණ්ඩ දීමනා ද ප්‍රකාශයට පත් කළේය.

ඇද හැළුණ අධික වර්ෂාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රදේශවාසීන් විමතියට පත් වූ අතර , ඇතැමුන් කියා සිටියේ මෙම ආන්තික තත්වය සම්බන්ධව තමන්ට නිසි ලෙස අවවාද නොලැබුණ බවයි.

නමුත් හදිසි කළමනාකරණ අමාත්‍ය Murray Watt පැවසුවේ , කාලගුණ විද්‍යා කාර්යාංශයේ කාලගුණ නිරීක්ෂණ පද්ධතිවලට ව්‍යසනයේ පරිමාණය පුරෝකථනය කළ නොහැකි වූ අතර එය "අතිශයින් අනපේක්ෂිත කාලගුණ පද්ධතියක්" වූ බවයි.

මෑත වසරවලදී, ඕස්ට්‍රේලියාව දරුණු නියඟ සහ ලැව්ගිනි, වාර්තාගත වර්ෂා හේතුවෙන් ඇති වන ගංවතුර , මහා බාධක පරයේ විරංජන සිදුවීම් හයක් ඇතුළු ව්‍යසනයන්ගෙන් පීඩා විඳිමින් සිටියි.

මෙම නවතම ව්‍යසනයේ පිරිවැය ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1 ඉක්මවනු ඇතැයි රාජ්‍ය බලධාරීන් ගණන් බලා ඇත.