ranbhir-kapoor-animal-srk-pathaan

රංගන ශිල්පී රන්බීර් කපූර් ඔහුගේ නවතම සිනමා සිත්තම වූ Animal  තුළින් මේ වන විට  ලද ආදායම ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 700 ඉක්මවා ඇත.
මෙය නවතනම  ක්‍රියාදාම ත්‍රාසජනක  චිත්‍රපටයකි.

මේ වන විට බොලිවුඩයේ මෙවැනි වාර්තා පිහිටුවා ඇත්තේ ෂාරුක් ඛාන් සහ සනී ඩියෝල් පමණක් වන අතර එය රුපියල් කෝටි 500ක ප්‍රමාණයකි.

රන්බීර් කපූර්ගේ මෙම ක්‍රියාදාම සිත්තම මේ වන විට එම වාර්තා අලුත් කරන්නට සමත් වී ඇත.



ට්රැකර් Sacnilk පවසන පරිදි, Sandeep Reddy Vanga ගේ Animal සිය දෙවන ඉරිදා සියලු භාෂාවලින් රුපියල් කෝටි 37 ක් උපයා ඇත.එසේම චිත්‍රපටයේ දින දහයක එකතුව  රුපියල් කෝටි 432.37 ක් ලෙස සටහන්ව ඇත.

කෙසේවෙතත් මෙහි ලොව පුරා දළ ආදායම රුපියල් කෝටි 700 ඉක්මවන බව ගණන් බලා ඇත

මේ සෙනසුරාදා වන විට එය සෙනසුරාදා වන විට රුපියල් කෝටි 660 ක මට්ටමට ආසන්නව පැවතුනි.

රංගන ශිල්පිනී ට්‍රිප්ටි ඩිම්රි පවසන්නේ  ෂාරුක් බ්ලොක්බස්ටර්, පතාන් සහ ජවාන් දෙකටම වඩා හොඳ ප්‍රතිචාරයක් මෙයට ලැබී ඇති බවයි.



 සැබවින්ම Animal  දැනටමත් Pathaan ට වඩා ඉදිරියෙන් සිටියි.

මෙම චිත්‍රපටය, එහි ස්ත්‍රී ද්‍රෝහීත්වය සහ අධික ප්‍රචණ්ඩත්වය හේතුවෙන් විවේචනයට ලක් වුවද බොක්ස් ඔෆිස් හි විශිෂ්ට වේගයකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන ඇත.

රුපියල් කෝටි 525 ක් වූ ගඩාර් 2 හි වාර්තාව බිඳ දැමීමට මේ වන විට Anima හැකියාව ලැබී ඇත.

ෂාරුක්ගේ වසරේ තුන්වන චිත්‍රපටය වන Dunki නිකුත් වීමට  නියමිතව ඇත.

කෙසේනමුත් නත්තලට පෙර චිත්‍රපටයේ ඉපැයීම බලාපොරොත්තු වන ඔවුන් අවසානයේ පතාන් (මුළු ඉන්දියාවම රුපියල් 543) සහ ජවාන් (මුළු ඉන්දියාවම රුපියල් කෝටි 640 ක්)  ලෙස තැබූ වාර්තා ඉලක්ක කරනු ඇත.