ranga-wimalawansa-charged-two-year-sentence

කොරි­යා­වට යවන බව පවසා රුපි­යල් දස­ලක්ෂ හැට දහ­සක මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­යට වර­ද­කරු වූ ඔලි­ම්පික් ක්‍රීඩක රංග විම­ල­වංශ යන අයට වසර දෙකක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­ව­මක් කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළේය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විභාග වූ නඩු­වක තීන්දුව ප්‍රකාශ කර­මින් සිර දඬු­වම් නියම කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා රුපි­යල් එක්ද­හස් පන්සී­යක දඩ මුද­ලක් ද විත්ති­ක­රුට නියම කළේය.

එම දඩ මුදල් නොගෙ­වන්නේ නම් සති දෙකක සිර දඬු­ව­මක් නියම කළේය.

කොළඹ වංචා විම­ර්ශන කොට්ඨා­සය මඟින් ගොනු කර තිබූ නඩු­ව­කට අදා­ළව මෙම නියෝ­ගය නිකුත් කෙරිණි.



මෙම නඩු­වට අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කිරී­මට අවශ්‍ය ලේඛන ලබා දෙන ලෙස මෝස­මක් ගොනු කර­මින් ඔහු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අතර ඊට අදාළ කරුණු තහ­වුරු කිරී­මට හෙට (15) නඩුව කැඳ­වන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

පයා­ගල උපත ලබා කළු­තර සිරි­කු­රුස විදු­හ­ලෙන් මූලික අධ්‍යා­ප­නය ලැබූ රංග විම­ලවංස පසු­කා­ලී­නව බම්බ­ල­පි­ටිය සාන්ත පීතර විදු­හ­ලට ඇතු­ළත් වීමෙන් පසු මලල ක්‍රීඩා­වට පිවිසි අතර, 1996දී ඔස්ට්‍රේ­ලි­යාවේ පැවැති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුර­තා­ව­ලි­යෙන් ජාත්‍ය­න්තර තරග බිමට එක් විය.

ඔහු 1998 වසරේ ජපා­නයේ පැවැති ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී මීටර් 400 සහාය දිවීමේ තර­ග­යෙන් ලෝකඩ පද­ක්කම දිනූ ශ්‍රී ලංකා පිලට එක්වූයේ පාසල් ක්‍රීඩ­ක­යකු ලෙසිනි.



2002 වසරේ ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භාගි වී මීටර් 400 තරග ඉස­ව්වෙන් ලෝකඩ පද­ක්කම දිනූ රංග විම­ල­සේන 2006 වසරේ දකුණු ආසි­යා­තික ක්‍රීඩා උලෙළේ මීටර 400 සහාය දිවීමේ තර­ග­යෙන් රන් පද­ක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු ද විය. ඔහු 2000 වසරේ ඉන්දු­නී­සි­යාවේ ජකර්තා නුවර පැවති ආසි­යා­තික ක්‍රීඩා උලෙළේ මීටර් 400 සහාය දිවීමේ තර­ගයේ රන් පද­ක්ක­ම්ලා­භි­යකු වන අතර, එම වස­රේ­දීම සිඩ්නි ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 400 සහාය දිවීමේ තර­ග­යට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු විය.

2007 වස­රේදී ක්‍රීඩා­වෙන් ඉවත් වීමෙන් පසු ඔහු පුහු­ණු­ක­රු­වකු සහ ව්‍යාපා­රි­ක­යකු ලෙස කට­යුතු කළේය.
2008 වසරේදීද ඉතාලි යවන බව කියමින් පුද්ගලයින්ගෙන් වංචා සිදු කළැයි රංග විමලවංසට අධිකරණ දඩුවම් ලැබාදී තිබී ඇත.