ranil-bill-gates

ලෝකයේ ප්‍රකට ධනපති බිල්ගේට්ස් ජනපති රනිල් වික්‍රමසිංහ මුණගැසීමක් සිදුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය දන්වා සිටී.
දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට එක්වී පවසා ඇත.
මෙම සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා අතර හමුවක් ඊයේ (03) සිදු වූ අතර දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ගෝලීය අභියෝගය සහ නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණැයි ජනපති මාධ්‍ය අංශය දන්වයි.