ranil-siyambalapitiya-inland-rvenue

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ දහනව වැනි මහා සභා රැස්වීම කොළඹ දී ඊයේ ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ඉදිරි 2024 වසරේදී සෑම පුද්ගලයෙකුටම බදු අංකයක් ලබාදී ආදායම් බදු අයකරන ක්‍රමවේදයක් සකස්කරන්නට යන බවට පැවති ඉඟි එහිදී සනාථවූ අතර එම අභියෝගය නිලදාරීන් හමුවේ අවධාරණය කෙරිණි.

ජනපති මෙසේ කීය.
මූල්‍ය විනය සහතික කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තුවලට ප්රමුඛ කාර්යභාරයක් පැවරෙනවා. ප්රමාද වීම් සහ ආදායම් එකතු කිරීම කඩිනම් කරගත හැකි යාන්ත්රණයක් අපට අවශ්ය වෙනවා.


වර්තමාන අභියෝගයන්ට අප සියලු දෙනා එක්ව ශක්තිමත්ව මුහුණ දුන්නොත් ඉදිරි වසර පහක් හයක් වැනි කාලයක් තුළ ශ්රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත් ආර්ථික අභියෝග ජය ගැනීමටත් අපට අනිවාර්යෙන් හැකියාව ලැබෙන බව විශ්වාසයි.

රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මෙසේ කීය.
රාජ්ය ආදායම හා සමඟ බැඳුණු බදු මේවා එකතු කරන අය කවදාවත් ජනප්රිය මිනිස්සු වන්නෙ නෑ. බොහෝ නිළියන් හරි ජනප්රියයිනේ වෛද්ය වෘත්තිය බැලුවොත් අර දොස්තර මහත්තයා අපේ දරුවා ගොඩ දාලා දැම්මා කියන ගුරු වෘත්තියේ බැලුවත් එහෙමයි. අදායම් බදු නිලධාරීන් ඇදවැටුණ රට ගොඩ දාලා දැම්මා කියලා කියන්නේ නෑ..


ඔබතුමාලා හරියට බදු එකතු කළොත් ඒකේ අනිත් පැත්ත තමයි ඔබතුමාට ලැබෙන්න. හැබැයි මේ එකතු කරන දෙයින් තමයි සියල්ල වෙන්නෙ. මේ වගේ කාලයක මෙහි තියෙන අභියෝගය වෙනදාටත් වඩා වැඩි. අපි තාම පීඩාවට පත්වූ සමාජයෙන් තමයි මේ ටික එකතු කරන්න වෙලා තිබෙන්නේ. සියයට 7.3  තිබුණු බදු ආදායම  සියයට 15 ට ඉහළදාන එක අභියෝගයක්. හැබැයි මේ අභියෝගය කවුරුහරි බාරගන්න ඕන ජනාධිපතිතුමා ඒකට සුවිශේෂ නායකත්වයක් දුන්නා. කවුරුත් භාර නොගත්තේ හැබැයි දැන් මේ අභියෝගය ජයගැනීම දිහා සාම්ප්රදායික සමාජය තාමත් බලන්නේ සම්ප්රදායික විවේචන තුලින් විපක්ෂයට
හොද විවේචන දීලා මේවට කවුරුත් කැමති නෑනේ තමන්ගේ අතින් යමක් යනවට වත්කම් වලට කියලා මේ විවේචන මේ සාම්ප්රදායික සමාජය එක්ක තමයි අපි මේ කටයුතු කරන්න වෙලා තිබුණද ජනප්රිය නොවුණාට ඉතිහාසයේ මේ වැඩේ කවදහරි ජනප්රිය වේවි. මේ අභියෝග භාර ගන්න සියලු දෙනාම ගැන ඉතිහාසය කවදා හරි කතා කරාවි. මෙහෙම වැටුණු රටක් නැගිට්ටවපු නායකයන් ගැන කියාවි.