rathnapura-incident

රත්නපුර, ඇළපාත කෙහෙල්ඔවිටිගම, වම්බටුහේන ප්‍රදේශයේ පුද්ගලික තේ වත්තක ලයින් කාමරයක පදිංචිව සිටි එක්දරු මවක හා ඇගේ දරුවා අබිරහස් ලෙස ඊයේ (28දා) මියගිය සිටියදී සොයාගත් බව ඇළපාත පොලීසිය පවසිය.



මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි එක්දරු මවක වන ශිවනාදන් වසන්තා කුමාරි (අවු.21) නැමැත්තියක හා ඇයගේ අවුරුදු 02ක් වයසැති පිරිමි දරුවායි.



ඊයේ (28දා) අලුයම පදිංචිව සිටි ලයින් කාමර ඉදිරිපිට නාරන් ගහක එල්ලී සියදිවි නසාගෙන ඇති බවත්, ඇය දිවි නසා ගැනීමට පෙර වයස අවු 2ක්වු තම සිගිති පුතු නිවස තුළදී ඝාතනය කර ඇති බවට පොලීසිය සැක පළකරයි.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා  දැනට දින පහකට පමණ පෙර නිවසින් පිටව ගොස් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය විය.

මෙම මෘත දේහයන් පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (28දා) රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ගයා කිත්සිරි අරඹවත්ත මහතා විසින් සිදු කළ අතර,

මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහයන් රත්නපුර ශික්ෂණ රෝහලවෙත යොමු කිරීමට පොලීසිය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇළපාත පොලීසිය සහ රත්නපුර මූලස්ථාන පොලීසියේ සොකෝ සහ ඇඟිලි සලකුණු අංශයේද සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    රත්නපුර - ලසන්ත නිරෝෂණ