sainda-mardu-kid-dead

සයින්දමරුදු ප්‍රදේශයේ කුර්ආන් මද්‍රසාවේ  තිබී හමුවූ බාලවයස්කාර දරුවාගේ මළසිරුර සම්බන්ධයෙන් සැක මතු කරමින් මහජනතාව පෙරේදා (05දා) රාත්‍රියේ මද්‍රසාව වැටලූහ. කාන්තාන්කුඩ් ප්‍රදේශයේ එම්.එස්.මුෂාබ් නමැති 13 හැවිරිදි සිසුවා මෙසේ මියගොස් සිටි අතර ඔහුගේ මළසිරුර සයින්දමරුදු දිසා රෝහලට රැගෙන ගොස් තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් සයින්දමරුදු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර එම මද්‍රාසාවේ පාලකවරයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිසුවාගේ මරණය සියදිවි නසාගැනීමක් නොවන බව පවසමින් මහජනතාව ව්‍යාකූලත්වයට පත්ව ඇති අතර මද්‍රාසා පාලකවරයාට එරෙහිව දැනටමත් පොලිස් පැමිණිලි රැසක් ඇති බවට ජනතාව චෝදනා කරති.සයින්දමරුදු පොලීසිය මද්‍රාසාවේ පූජනීයත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා විසිර යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් කිරීමට පොලීසිය සූදානම් බවට ජනතාවට සහතික වීමෙන් පසු මහජනතාව විසිර ගියහ.