ඇමැති ආරක්ෂකයකුටත් තුවාලරිය අනතුරක ප්රතිඵලයක්සැකකාර කෝටිපති ව්‍යාපාරිකයාට මාංචු
රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් තිබුණු අධි සුඛෝපභෝගි ජීප් රිය මාරවිල මෝදරවැල්ල ප්‍රදේශයේදී වෙනත් මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (29) සිදු වූ අනතුරින් පසු
එම මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු කෝපයට පත්ව රාජ්‍ය ඇමැතිවරයා ගමන් කළ වාහනයට යකඩ පොල්ලකින් පහර දී අලාභහානි කර, ඔහු ආරක්ෂක නිලධාරියටද පහර දී තුවාල කර තිබේ.මේ පහර දීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු සැකපිට මාරවිල පොලීසිය මඟින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
ජල සම්පාදන හා ජලාපවහන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ඇතුළු
පිරිසක් දංකොටුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමට මාරවිල
මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිට වංගුව ප්‍රදේශයේදී ඊයේ (29) දහවල්
මේ අනතුර සිදුව ඇත.
ඇමැතිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් අනෙක් මෝටර් රථයට
හානි සිදුව තිබු අතර, එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරිකයා තම වාහනයට
සිදු වූ හානියට දැක එහි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සිටිනු දැක දැඩි
ලෙස කෝප වී යකඩයක් රැගෙන විත් පහර දී ඇත. ඒ සමඟම එය වැළැක්වීමට ඇමැති
ආරක්ෂක නිලධාරීන් දැඩි උත්සාහයක් ගෙන ඇති අතර, පොලිසිය පවසන්නේ ඒ
අවස්ථවේදී ව්‍යාපාරිකයා ඇමැති ආරක්ෂක නිලධාරීයකුටද පහර දී ඇති
බවයි.
සිද්ධියෙන් පසු අදාළ ස්ථානයට පැමිණි මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඇමැතිවරයාගේ වාහනයට පහර දීම හා තවත් චෝදනා කිපයක් මත මේ පහර දීම කළ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරත් සමඟ එම ස්ථානයට පැමිණි වෙනත් වාහනයකින් ඇමතිවරයා කඩිනමින් රැගෙන යෑමට කටයුතු කර තිබේ.
0 Comments