sanku-sellakathara

ලංකාවේ ක්‍රියා­ත්මක මත්ද්‍රව්‍ය ජාලයේ දකුණේ ප්‍රබ­ල­යකු ලෙස කට­යුතු කරන “සංකු” නමැත්තා ඇතුළු සැක­ක­රු­වන් 13 දෙනෙකු මෝටර් රථ දෙකක් හා හෙරො­යින් මත්ද්‍රව්‍ය සමඟ සෙල්ල­ක­ත­ර­ගම දඹේ ප්‍රදේ­ශයේ පිහිටි හෝට­ල­යක් තුළ නවා­තැන් ගෙන සිටි­යදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන 23 වැනි දින සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා කත­ර­ගම පොලිස් ස්ථාන­යට භාර දී තිබේ.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රබල පුද්ග­ල­යකු හා සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් සමඟ සමීප සම්බ­න්ධතා පව­ත්වන පුද්ග­ල­යකු බවට අනා­ව­ර­ණය වී ඇති සුදු­වැල්ල, නලා­ග­ස්දෙ­ණිය, හික්ක­ඩුව

පදිංචි “සංකු” නමැති අය ඇතුළු සැක­ක­රු­වන් 13 දෙනෙකි. අත්අ­ඩං­ගු­වට පත් අනෙ­කුත් සැක­ක­රු­වන් හික්ක­ඩුව,තෙල්වත්ත, ඌර­ග­ස්මං­හ­න්දිය, බළ­පි­ටිය හා අම්බ­ල­න්ගොඩ යන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන්ය. පසු­ගිය දින කිහි­පය පුරා ලංකාවේ ක්‍රියා­ත්මක කෙරුණු ‘යුක්තිය’ මෙහෙ­යුම යටතේ දිගින් දිග­ටම විවිධ ජාවා­ර­ම්ව­ලට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදු කිරීම හේතු­වෙන් මෙම ජාවා­ර­ම්ක­රු­වන් සෙල්ල­ක­ත­ර­ගම පිහිටි මෙම හෝට­ල­යට පැමිණ සැඟව සිටී­මට උත්සාහ කර තිබේ. මෙම සැක­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.බී. කීර්ති­රත්න මහ­තාට ලද තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සිදු කර තිබේ. ව

ැට­ලීමේ දී සැක­ක­රු­වන් සන්ත­කයේ තිබී හෙරො­යින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8790ක් හා ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ව­ලින් උප­යා­ගත් මුද­ලින් මිල දී ගත් බවට සැක කෙරෙන සුදු පැහැති wezel වර්ගයේ මෝටර් රථ­යක් හා කළු පැහැති Wagan R වර්ගයේ මෝටර් රථ­යක් ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­වන් 13 දෙනා මෝටර් රථ දෙක හා හෙරො­යින් සමඟ තිස්ස­ම­හා­රාම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා කත­ර­ගම පොලිස් ස්ථාන­යට භාර දී තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.බී. කීර්ති­රත්න මහ­තාගේ උප­දෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මෙම වැට­ලීම සිදු කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

 සූරි­ය­වැව - නුවන් ජය­සේ­කර