
දැනට වෙළඳපළේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් හැටත් හැටපහත් අතර මිලකටයි. බිත්තර නිෂ්පාදකයින් සහ ව්‍යාපාරිකයින් මිල වැඩි කිරීම ඊට හේතුවයි. මේ පාලනය කිරීම සඳහා බිත්තර මිලියන 35 ආනයනය කිරීමට රජය පියවර ගත් අතර ඒවා සතොස ඔස්සේ බෙදා හැරීමට ක්‍රියාකර ඇත. එම බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 35 ක මිලකටයි.
එහෙත් ඇතැම් සතොස වෙළඳසැල් වල ප්‍රමාණවත් බිත්තර තොග නොමැති බවටද වාර්තාවී තිබේ.
සතොස අඩු මිලට බිත්තර අලෙවි කළ ද සෙසු වෙළඳසැල් වලින් අඩු මිලට බිත්තර ලබා ගත නොහැකි බව පාරිභෝගික ජනතාව පවසති. ඔවුන් මේ පිළිබඳව නියාමනයක් අවශ්‍ය බව පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval