school-van-driver-wanted

ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් ශිෂ්‍යාවක් පාසල් වෑන් රථයක් තුළ දී අපයෝජනයට ලක් කළ බවට සැකකරන මේ වනවිට පලාගොස් සැඟවී සිටින පාසල් වෑන් රථ රියැදුරෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන  සහාය පතයි.

16 හැවිරිදි ශිෂ්‍යාවක මෙම සිද්ධියට මුහුණදී තිබේ.සිද්ධියට සම්බන්ධ සැකකරු 42 වියේ පසුවන දෙදරු පියෙකි. මොහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිට ඕමල්පේ ප්‍රදේශයෙන් විවාහ වී එහි පදිංචිව සිටි පුද්ගලයෙකි. පෙරේදා (05දා) අදාළ සිදුවීම සිදුව ඇති බවද පොලීසිය පවසයි. එම සිසුවියගේ සෙසු ළමයි කිහිපදෙනෙක් ද එම වෑන් රථයෙන් පැමිණ ඇති අතර ඔවුන් පන්තිභාර ගුරුවරියට සිද්ධිය පවසා තිබූ අතර පන්තිභාර ගුරුවරිය විදුහල්පතිනියට ද ඒ බව දන්වා ඇත.



පාසලෙන් ඇය නැවතී සිටින පුංචි අම්මාගේ ගෙදරට ඇය පාසල් නොපැමිණි බව දැනුම් තිබේ. ඇඹිලිපිටිය පොලීසියට ද මේ බව පාසලෙන් දන්වා තිබුණි. ශිෂ්‍යාව නැවතී සිටින ගෙදර අය වෑන් රථයේ රියැදුරාට දුරකථනයෙන් කතා කර විමසීමේදී කියා තිබුණේ බඩුවගයක් ගැනීමට ඔරලෝසු කණුව ළඟින් බැස්ස බවයි. ඇඹිලිපිටිය පොලීසියෙන් ද එදිනම රියැදුරා ගෙන්වා ප්‍රකාශයක් ලබාගෙන තිබේ. එහිදී ද රියැදුරා පවසා ඇත්තේ ශිෂ්‍යාව ඔරලෝසු කණුව ළඟින් බැස්ස බවයි. දරුවන් ආපසු ගෙන යායුතු බව පවසා රියැදුරා පොලීසියෙන් ඉක්මනට පිටත්වී තිබේ.මේ අතර එදිනම (05දා) උදේ දහය එකොළහ වෙද්දී ශිෂ්‍යාව ආපසු නිවසට පැමිණ තිබේ. නිවැසියත් ගියේ කොහිදැයි ඇගෙත් ප්‍රශ්න කරන අතර එහිදී ද සිසුවිය සියල්ල පවසා ඇත.පාසල් අවසන් වීමෙන් පසු රියදුරා සෙසු පාසල් ළමයින් ද, න

ංවාගෙන පැමිණ තිබේ. මෙම දැරියගේ පුංචි අම්මාගේ නිවස ළඟ දි කිහිපදෙනෙක් වෑන් රථයට නවත්වන ලෙස සංඥා කළ ද පාසල් දරු දැරියන් වෑන් රථයෙහි සිටියදී ම නොනවත්වා ම ඉදිරියට ධාවනය කර තිබේ. පසුව අතුරු පාරක දමා වෑන් රථය හිතවතෙකුට භාරදී ඔහු පලා ගොස් ඇත. වෑන් රථය භාරගත් තැනැත්තා දරුවන් ඔවුන්ගේ නිවෙස්වලට බස්සවා වෑන් රථයෙන් ආපසු එද්දී අතරමගදී පිරිසක් විසින් ඔහුට පහර දී ඇත. පසුව පනාමුර පොලීසියෙන් පැමිණ වෑන් රථය ඔවුන් භාරයට ගනු ලැබ ඇත.

මේ අතර 05දා සවස පාසල් සිසුවිය ඇඹිලිපිටිය පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර ඇය මේ වනවිට ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇත.සැකකරු රියදුරා ඩුබායිහි රැකියාවකට යාමට වීසා සහ ගුවන්ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බවද වාර්තා වෙයි.ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

අජිත්ලාල් ශාන්තඋදය