siyambalanduwa-incident

සිය­ඹ­ලා­ණ්ඩුව පොලිස් වස­මට අයත් 02 කලා­පය මුතු­ක­ණ්ඩිය පිහිටි බිරි­යගේ නිවෙ­සට ඉකුත් 21 වෙනිදා රාත්‍රි පැමිණි සැමියා නිවෙ­සට ගිනි තබා නිවෙ­සත් මුළු­තැ­න්ගෙ­යත් අතර කොරි­ඩෝවේ තිබූ බිරි­යගේ සහෝ­ද­ර­යාට (මස්සිනා) අයත් යතු­රු­පැ­දි­ය­කට ගිනි තබා විනාශ කර ඇතැයි සිය­ඹ­ලා­ණ්ඩුව පොලි­සිය පව­සයි.



බිරිය සහ සැමියා කලක සිට වෙන්වී සිටින අතර සැමියා පදි­ය­ත­ලාව සේර­න්කඩ පදිංචි 30 හැවි­රිදි පුද්ග­ල­යෙකි. ඔහු ඉකුත් 21 වෙනිදා පැමිණ නිවෙසේ පිටු­පස නිදන කාම­රයේ ජනේ­ල­යට ඉහ­ළින් ඇති කවු­ළු­ව­කින් පෙට්‍රල් හෝ භූමි­තෙල් වැනි දිය­ර­යක් දමා ගිනි තබා ඇති අතර ඊට ටික වේලා­ව­කට පසුව ඔහු නිවෙස අස­ලින් යතු­රු­පැ­දිය හර­වා­ගෙන යන අයුරු බිරිය දැක ඇත. සැක­කරු විසින් බිරි­යගේ නිවෙසේ පිටු­පස තිබූ මස්සි­නාගේ යතු­රු­පැ­දි­ය­ක­ටද ගිනි තබා ඇති බව පසුව දැන­ගෙන තිබේ. සැක­කරු ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය පරී­ක්ෂණ ආරම්භ කර ඇත.

නිවෙ­සට ගිනි තැබී­මෙන් රුපි­යල් එක්ලක්ෂ පනස් දහ­සක් පමණ වටිනා දේපළ වන රූප­වා­හිනී යන්ත්‍ර­යක්, ඇඳක්, මෙට්ට­යක්, ට්‍රවල් ට්‍රැක් එකක්, කුඩා පාපැ­දි­යක් විනාශ වී තිබේ.

යතු­රු­පැ­දි­යට සිදු වූ හානිය මෙතෙක් ගණ­නය කර නොමැත. සිය­ඹ­ලා­ණ්ඩුව පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි. 

ඌව වෙල්ලස්ස -ඩී.එස්. ගුණ­ති­ලක