soththi-upali-son-nabbed

පාතාල නාය­ක­ය­කුව සිටි සොත්ති උපාලි නමැ­ත්තාගේ පුත්‍රයා රුපි­යල් ලක්ෂ 3කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව බොරැල්ල පොලි­සිය කියයි. සැක­කරු සතුව තිබී සොයා­ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමා­ණය මිලි­ගෑම් 14770ක් බව පොලි­සිය කියයි.

බොරැල්ල පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප­පො­ලිස් පරී­ක්ෂක ආර්.එම්.එන්.එච්. වික්‍ර­ම­රත්න මහතා ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් බොරැල්ල පොලිස් වසමේ සංචා­රයේ යෙදී සිටි­යදී සැක­කරු බොරැල්ල මතා පාර දුම්රිය මාර්ගය අස­ලදී පරීක්ෂා කිරී­මේදී ඔහු සන්ත­කයේ තිබී

අයිස් මත්ද්‍රව්‍ය පැක­ට්ටුව හමුවූ බව පොලි­සිය කියයි. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු මීට පෙරද මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප මත සිටි­න්නකු බවත් පොලි­සිය සඳ­හන් කරයි. බොරැල්ල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ජනක ප්‍රිය­ද­ර්ශන විතා­නගේ මහ­තාගේ උප­දෙස් මත ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එල්. ඒ. සි. එස්. සිල්වා, අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප­පො­ලිස් පරී­ක්ෂක ආර්. එම්. එන්. එච්. වික්‍ර­ම­රත්න මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ