sri-lankan-air-delays

මෑත කාලීනව සිදුවූ අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් මාලාවක් නිසා මගීන්ගේ  ගමන් බාධාවීම හේතුවෙන් අසීරුතාවට පත් වූ පාරිභෝගිකයින්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම ඊයේ සමාව අයැද සිටියේය.
මෙම කාර්යබහුල කාලසීමාව තුළ එයාර්බස් A330 ගුවන් යානා දෙකක් දින කිහිපයක් නවතා දැමීම නිසා ගුවන් සමාගම අභියෝගවලට මුහුණ දුන් බව ඔවුන් පවසා ඇත. ගෝලීය සැපයුම් හිඟයක් හේතුවෙන් කොටසක් ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රමාද වීමත් සමඟ එක් ගුවන් යානයකට දීර්ඝ පරීක්ෂාවක් අවශ්‍ය විය.

අනෙක පැරිසියේදී ටයර් පුපුරා යාමේ සිද්ධියකට මුහුණ දුන්නේයැයි ඔවුන් පවසා ඇත.
ඊට සමගාමීව, අමතර එන්ජින් දෙකක් සහ අලුතින් කුලියට ගත් A320 ගුවන් යානයක් ලැබීමේ ප්‍රමාදයන් හේතුවෙන් මෙහෙයුම් තවදුරටත් ගැටලුකාරී වී ඇති අතර, මග හැරිය නොහැකි ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් සිදු විය.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සිට තායිලන්තයේ බැංකොක් නුවර බලා ඊයේ අලුයම පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් අවලංගු වීමෙන් එම යානයේ ගමන් ගැනීමට සිටි මගීන් දැඩි පීඩාවට පත්වූයේ ඔවුන් ගමන යාමට ෂූදානම්වී ගුවන් තොටුපළට පැමිණ මූලික වැඩ අවසන් කර බලා සිටියදී නිවේදනය දන්වා සිටීම නිසාය.



උත්සව සමයේ මගීන්ට සිදුවූ අපහසුතාවයන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිගන්නා බවත් ගමන් සැලසුම්වලට යම් බාධාවක් සිදු වුවහොත් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවත් දන්වා ඇත.

හිරිහැරයට පත් මගීන් සඳහා ගමන් විධිවිධාන කඩිනම් කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන බව ගුවන් සමාගම පවසයි.