expressway-stf

අධිවේගී මාර්ගවල ගිනි නිවීමට සහ ජීවිත ගලවා ගැනීමට යොදවා තිබෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 175දෙනා ඉන් ඉවත් කර 'කුඩු මාෆියාව‘ මර්දනය කිරීම සඳහා සේවයේ යොදවන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.



ස්ථාවර නියෝග 27/2 යටතේ 13දා පාර්ලිමේන්තුවේදී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.



කෙසේ වෙතත් අධිවේගී මාර්ගවල පොලිස් නිලධාරීන් ඒ ආකාරයෙන්ම රාජකාරී කටයුතු කරන බවද සඳහන් කළ අමාත්‍ය ටිරාන් අලස් මහතා, ”එක් එක් අධිවේගී පිවිසුම් මාර්ගයේ සේවය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් යොදවා නොමැති අතර, අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම හා ජීවිත ගලවා ගැනීමේ රාජකාරි සිදුකරනු ලබයි.

එම සියලු භටයන් අධිවේගී මාර්ග රාජකාරිවලින් ඉවත් කර ගැනීමට රජය තීරණය කරලා නියෙනවා. විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ කරන එකම දේ මොනවා හරි රිය අනතුරක් වුණොත් ඒවාට කටයුතු කරනවා. නැත්නම් ගින්නක් ඇති වුණොත් ඒකට කටයුතු කරනවා.
<

br />පසුගිය මාස 11 කාලය තුළ 164 වතාවක් පමණක් මේ විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ව යොදවලා තියෙන්නේ. දවස් 330ක් ගත්තොත් එච්චරයි රාජකාරී කරලා තියෙන්නේ, මේ විශේෂ කාර්ය බළකායේ එතන ඉන්න 175ට අපි වියදම් කරනවා අවුරුද්දකට මිලියන 260ක් පමණ. නිකන් අධිවේගී මාර්ගයේ ඉන්නවා.

මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් කෝල් එකක් දුන්නම එතනට යනවා. නැත්නම් ඇවිල්ලා නිකන් ඉන්නවා. ඒ නිසා තමයි මම තීරණය කළේ, අපට විශේෂ කාර්ය බළකාය අවශ්‍යයි මේ කුඩු මාෆියාව නැති කරන්න. දැනටමත් කුඩු මාෆියාව නැති කරන්න විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් දෙදහස් ගාණක් අඩුයි. ඒ නිසා තමයි මේ 175 එළියට ගන්න හදන්නේ, ඒත් පොලීසිය එතන රාජකාරි කරනවා” යනුවෙන් සදහන් කළේය.

දිනේෂ් සමරකෝන්