swarnavahini-camera-man-dies

ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රාදේ­ශීය වාර්තා­ක­රු­වකු මෙන්ම කැමරා ශිල්පි­යකු ලෙසද කට­යුතු කළ මුතු­ගල ආර­ච්චිගේ මහේෂ් ගුණ­සිංහ (36) මහතා තියුණු ආයු­ධ­ය­කින් පහර දී ඝාත­නය වූ සිදුවීමක් පසුගියදා වාර්තා විය.

මේ ඝාත­නය සිදු වී ඇත්තේ පෙරේදා (30) රාත්‍රි­යේදී වේය­න්ගොඩ කටු­ව­ස්ගොඩ පිහිටි හෝට­ල­ය­ක­දීය.

දෙදරු පියකු වන මහේෂ් ගුණ­සිංහ මහතා වල්පොල, රැග්ග­හ­විල පදිංචි අයකු වන අතර, ඝාත­න­යට ලක් වන විට සේවය කර­මින් සිට ඇත්තේ ස්වර­ණ­වා­හිනී ආය­ත­න­යේය. මොහු 2012-2014 කාල­ව­ක­වා­නුවේ සිරස රූප­වා­හි­නි­යේත්, ජනා­ධි­පති මාධ්‍ය අංශ­යේත් සේවය කර ඇති බව සඳ­හන්ය.


මොහු ඝාත­න­යට ලක් වූ හෝට­ලයේ රූප­ලා­ව­ණ්‍යා­ග­ර­යක්ද පව­ත්වා­ගෙන යන බවද පොලි­සිය කියයි. කටු­ව­ස්ගොඩ, වේය­න්ගොඩ ලිපි­නයේ පිහිටි එම හෝට­ල­යට මාධ්‍ය­වේ­දියා පැමිණි අව­ස්ථාවේ ඔහු මේ සිද්ධි­යට මුහුණ පා ඇති අතර, හෝට­ලයේ හිමි­කාර යුවළ තුවාල ලබා සිටි මාධ්‍ය­වේ­දියා රෝහ­ල්ගත කිරී­මට පිය­වර ගෙන ඇතත්, ඒ වන විටත් ඔහු මිය­ගොස් සිටි බව මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇත.

තුවා­ල­කරු රෝහ­ල්ගත කළ යුව­ළ­ගෙන් මේ සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරී­මට පොලි­සිය පිය­වර ගෙන ඇති අතර, එහිදී හෙළි වී ඇත්තේ ඝාත­න­යට ලක් වූ මාධ්‍ය­වේ­දියා පෙරේදා (30) රාත්‍රී 7ට පමණ එම ස්ථාන­යට පැමිණි අව­ස්ථාවේ මෙම ඝාත­නය සිදුවී ඇති බවය. ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යාගේ සිරුරේ කැපුම් තුවාල තිබූ බව වේය­න්ගොඩ පොලි­සිය පව­සයි. ඝාත­න­යට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නැති බව වේය­න්ගොඩ පොලි­සියේ උසස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. ඝාත­න­යට ලක් වූ පුද්ග­ලයා එම හෝට­ල­යට පැමිණ ඇත්තේ යතු­රු­පැ­දි­ය­කින් වන අතර එම යතු­රු­පැ­දි­යද හෝට­ලයේ හිමි­කාර යුවළ පදිං­චිව සිටින හෝට­ලය ඉදි­රි­පිට නවතා තිබෙන අයුරු දක්නට තිබිණි.

මේ මාධ්‍ය­වේ­දියා මෙදින පස්වරු 6 .30ට පමණ ඔහු පදිං­චිව සිටින නිවෙසේ සිට පිටත්ව ඇත්තේ කොත්තු­වක් ගෙනෙන්න යන බව නිවැ­සි­යන්ට පව­සාය. නිවෙසේ සිට ඔහු ඝාත­නය වූ ස්ථාන­යට ගොස් විනාඩි 20ක පමණ කාල­යක් එහි රැඳී සිට ඇති බවට තොර­තුරු ලැබී ඇතැ­යිද පොලි­සිය සඳ­හන් කරයි. සිද්ධිය වූ නිවෙස ආස­න්නයේ තිබී කාන්තා­ව­ක­ගේ­යැයි සැක කෙරෙන අත් පල­ඳ­නා­වක්ද මිය­ගිය අයගේ බවට සැක කෙරෙන අත් ඔර­ලෝ­සු­වක්ද හෝට­ලයේ පඩිය මතද තිබී පොලි­සිය සොයා­ගෙන ඇත.නිවෙසේ ලේ පැල්ලම් වැනි කිසි­වක් සෝදා දමා ඇති ලකුණු පෙනෙන්න ඇතැයි කියන පොලි­සිය ඒවා සම්බ­න්ධ­යෙන් සොයා බැලී­ම­ටද පිය­වර ගෙන තිබිණි. මිය­ගිය මාධ්‍ය­වේ­දියා නිවෙ­සින් පිටව යෑමට ප්‍රථම ලැබුණු දුර­ක­තන ඇම­තු­මක් සම්බ­න්ධ­යෙන්ද කරුණු හෙළි කර­ගැ­නී­මට පරී­ක්ෂණ පව­ත්වන බව පොලී­සිය සඳ­හන් කරයි. ඔහු සතුව තිබූ ඇපල් වර්ගයේ දුර­ක­ත­නය මෙතෙක් සොයා­ගැ­නී­මට හැකි වී නැති බවද පොලි­සිය කියයි.


සිද්ධිය වූ නිවෙසේ තරුණ කාන්තාව රූප­ලා­ව­ණ්‍ය­ගාර කට­යුතු කරන තැනැ­ත්ති­යක බවත්, මර­ණ­යට පත් කැමරා ශිල්පියා මංගල ජායා­රූප ශිල්පි­යකු ලෙස කට­යුතු කරන බවත් පොලි­සිය කියයි. එබැ­වින් මෙය කිසි­යම් මුදල් ප්‍රශ්න­යක් මත සිදු වූ ගැටු­මක ප්‍රති­ඵ­ල­ය­ක්දැයි සැක කරන බවද පොලි­සිය සඳ­හන් කරයි.