tatta-ruwan-arrested

සොරකම් සහ කොල්ලකෑම් සිදු කිරිම හේතුවෙන් වසර 20කට අධික කාලයක් බන්ධනාගාරගතව නිදහස්ව සිටි 'කහතුඩුවේ තට්ට රුවන්' නමැත්තා එවැනිම අපරාධ හයකට ඉකුත්දා (11 වැනිදා) කහතුඩුවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු එලෙස කොල්ලකන ලද සහ සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනා රන් භාණ්ඩ, කිරිපිටි සහ දුම්වැටි පොලිස් භාරයට ගෙන ඇත.

මොරගහහේන සහ කහතුඩුව පොලිස් වසම්වල ඉකුත් මාස කිහිපය තුළ සිදු වූ සොරකම් සහ කොල්ලකෑම්වලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස

බස්නාහිර පළාත  දකුණ නියෝජ්‍ය පොලිස්පති මාරපන මහතා එහි  අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතා වෙත ලබාදුන් උපදෙස් මත, ඒකක දෙක බාර නිලධාරීන් මගින් මෙහි විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව, පොලිස් කොස්තාපල් (76495) කිෂාන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව කහතුඩුව සහ මොරගහහේන පොලිස් වසම්වල සිදු වූ නිවෙස් බිඳුම් තුනකට සහ රන් මාල කොල්ලකෑම් තුනකට අවශ්‍යව සිටි කහතුඩුවේ තට්ට රුවන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.ස

ැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, කොල්ලකන ලද රන් භාණ්ඩ කහතුඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදීත්, සෙසු භාණ්ඩ කහතුඩුව අවට නිවාසවලට විකුණා තිබියදීත් සොයාගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් හය හැවිරිදි, කහතුඩුව ජයවර්ධනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  බිමල් ශ්‍යාමන් ජයසිංහ