tax-free-vehicle-fraud

රජ­යට අය­විය යුතු බදු මුදල් රුපි­යල් බිලි­යන 5කට අධික මුද­ලක් අහිමි කර­මින් මෙර­ටට ආන­ය­නය කරන ලද සුඛෝ­ප­භෝගී වාහන 200ක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­කය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදි­රියේ 8 වැනි සිකු­රාදා ප්‍රකාශ කළේය. 
ගෙන්වා ඇති මෙම සුඛෝ­ප­භෝගී වාහන 200 සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරී­මේදී එක් එක් වාහ­නය මෙර­ටට ගෙන්වා ඇත්තේ විවිධ ආකා­ර­යෙන් වෙනත් ද්‍රව්‍යය සහ වෙනත්ම වාහන වර්ග මෙර­ටට ගෙන්වන මුවා­වෙන් බව­ට ද තොර­තුරු හෙළිවී ඇත.



ශ්‍රී ලංකා රජ­යට අය­ විය යුතු රුපි­යල් මිලි­යන 50ක බදු මුද­ලක් රේගු වංචා­වක් සිදු­ ක­ර­මින් කේ ඒ 1141 දරන අංකය යටතේ අනිසි ලෙස ලියා­ප­දිංචි කර ඇති ටොයෝටා වර්ගයේ ජීප් රථ­යක් සහ ජී එෆ් 8409 දරන අංකය යටතේ ලියා­ප­දිංචි කර ඇති ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ ජීප් රථ­යක් සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සමේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­කය 08දා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.

2001 වර්ෂ­යේදී මෙර­ටට ගෙන්වා ඇති ජී එෆ් 8409 දරන අංකය යටතේ ලියා­ප­දිංචි කර ඇති ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ ජීප් රථය අංක 81, බාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපි­නයේ පිහිටි යුරෝපා සංග­ම­යට ගෙන්වා ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරී­මේදී එය මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ ලියා­ප­දිංචි කර ඇත්තේ වර්ෂ 2022දී වෙනත් සාමාන්‍ය පුර­වැ­සි­ය­කුගේ නමින් බවත් එම ඒක­කය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.



2005 වර්ෂයේ ජූලි මස 04 වැනිදා ලියා­ප­දිංචි කර ඇති කේ. ඒ. 1141 දරන අංකය යටතේ ටොයෝටා වර්ගයේ ජීප් රථය 2015 වර්ෂයේ දෙසැ­ම්බර් මස 22 වැනිදා සිට අාදා­යම් බල­පත්‍ර හෝ සුඛෝ­ප­භෝගී වාහන බදු හෝ අංක තහඩු හෝ නිකුත් කිරී­මක් සිදු­ කර නොමැති බවත්, මෙම වාහ­නය ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කා­ෂ­ණය වී ඇත්දැයි පරීක්ෂා කිරී­මේදී එහි සට­හන්ව ඇත්තේ එන­යින් මෙර­ටට ගෙන්වා ඇත්තේ රබර් ආශ්‍රිත නිෂ්පා­දන බවත් එම ඒක­කය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

මෙම මෝටර් රථ දෙක මෙර­ටට ආන­ය­නය කිරී­මේදී 235 වන අධි­කා­රියේ රේගු ආඥා පනෙත් 136 සහ 137 වන වගන්ති සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරීම සඳහා මේ වන විට සිවිල් පුද්ග­ල­යන් භාරයේ ඇති මෙම වාහන ශ්‍රී ලංකා රේගුව භාර­යට ලබා දෙන ලෙසට කළ ඉල්ලීම අධිකරණය පිළිගනු ලැබීය. ඒ අනුව අදාළ නියෝග නිකුත් කළ අධි­ක­ර­ණය සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඉදිරි විම­ර්ශන දෙසැ­ම්බර් 26 තෙක් කල් තැබීය.

 නිමන්ති රණ­සිංහ