teacher-jaffna-incident

යාප­නයේ පාස­ලක සිසු­වි­ය­කගේ ඇඟිලි දෙකක් තැළෙන ලෙස ගුරු­ව­රි­යක් කළ පහ­ර­දී­මක් නිසා සිසු­වි­යගේ ඇඟි­ල්ලක නිය­පො­ත්තක් පෙරේදා (12) යාප­නය ශික්ෂණ රෝහ­ලේදී ගලවා ඉවත් කිරී­මට සිදු වී තිබේ.

යාප­නයේ කෝපා­යිහි පිහිටි පුදූර් සෝම­ස්කන්ද පාසලේ ප්‍රාථ­මි­කයේ ඉගෙ­නුම ලබන සිසු­වි­ය­කට එම පාසලේ ගුරු­ව­රි­යක් පහ­ර­දීම නිසා එම සිසු­වි­යගේ ඇඟිලි දෙක­කට හානි සිදුව තිබේ.



ඉන් එක් ඇඟි­ල්ලක නිය­පො­ත්ත­කට එයින් හානි­වීම නිසා වෛද්‍ය­ව­රුන්ට එම නිය­පොත්ත ගලවා ඉවත් කිරී­මට සිදුව ඇත.

මේ සිද්ධිය පිළි­බ­ඳව යාප­නයේ අධ්‍යා­පන බල­ධා­රින්ට හෝ වෙනත් ආය­ත­න­ය­කට මේ දක්වා කිසිදු පැමි­ණි­ල්ලක් ලැබී නැති බව මේ පිළි­බ­ඳව කළ සොයා බැලී­ම­කදී හෙළි විය.

නිය­පොත්ත අහිමි වූ පාසල් සිසු­විය ඉතා අස­රණ හා දිළිඳු පවු­ලක අයකු බවත් ඇය වෙනු­වෙන් මේ දක්වා කිසි­වෙ­කුත් පෙනී සිට සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට මැදි­හත් නොවුණු බවත් වාර්තා වෙයි. 

රසුල දිල්හාර ගමගේ