thai-free-hamas

හමාස් සංවිධානය විසින් නිදහස් කරන ලද තායි ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙකු ආපසු සිය රට බලා යාමට බැංකොක් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ සිටි දර්ශන මුදාහැර තිබේ.
දින පනහකට ආසන්න කාලයක් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිටි තිස් හැවිරිදි පෝර්න්සවන් පිනකලෝ තම පියා දුටු විට දණින් වැටී හැඬුවේය.
සතුට පිරි මුහුණෙන් යුතු ඛොන්ග්පාන සුද්ලමයි ද තම පුතා වෙත දිව ගොස් ඔහුව වැළඳ ගත්තේය.

"මගේ ඇස්වල තවමත්  කඳුලු තියෙනවා. පුතා අපිව දාලා ගියා වගේ හැගීමක් දැනිලා තිබුණේ. ඒත් එයා ආපහු අපි ගාවට ඇවිත්." Khongpana මහතා පැවසීය.

හමාස් සංවිධානය විසින් තායිලන්ත ජාතිකයින් නිදහස් කිරීමේ සිදුවීම, ඊශ්‍රායල කාන්තාවන් සහ ළමුන් 70 දෙනෙකු නිදහස් කිරීමට ඇති කරගත් ගිවිසුමට පිටින් සිදුවූවකි. පසුගිය දින දෙක තුළ හමාස් සංවිධානය විසින් නිදහස් කළ තායි ජාතිකයින් හය දෙනෙකු තවමත් වෛද්‍ය පරීක්ෂණවලට ලක් වෙමින් ඊශ්‍රායලයේ සිටින අතර, තවත්  නව දෙනෙක් හමාස් භාරයේ සිටිති.

පැහැර ගැනීමට ලක් වූ විදේශීය ශ්‍රමිකයන් සියල්ලෝම පාහේ තායිලන්ත ජාතිකයෝ වෙති. ඊශ්‍රායල රාජ්‍යය තායිලන්තයෙන් 30,000ක පමණ වූ පිරිසක් ගොවි කම්කරුවන් ලෙස සේවයේ යොදවා ඇති අතර , ඔවුන් ඊශ්‍රායලය තුළ සිටින විශාලතම සංක්‍රමණික කණ්ඩායම්වලින් එකක් බවට ද පැවසෙයි.



හමාස් සහ ඊශ්‍රායලය අතර පැවති සටනේ සාකච්ඡාමය විරාමයේ හය වැනි දිනය සනිටුහන් වී ඇත.  හමාස් විසින් ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් 210ක් මුදවා ගැනීම වෙනුවෙන් , පසුගිය මාසයේදී අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් 240න් 102ක් නිදහස් කර තිබේ.

 හමාස්‌ සංවිධානය විසින් ඔක්‌තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය 1200 දෙනා අතර තායි ජාතිකයන් තිස්‌ නව දෙනකු ද වන බව වාර්ථා වෙයි. ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායලය විසින් සිදු කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ 14,500 කට වැඩි පිරිසක්  මිය ගොස් ඇත.

Khongpana මහතාට තම පුතාගෙන් ලැබුණු අවසන් පණිවිඩය වූයේ,  ප්‍රහාරය සිදු වූ  දිනයේ දී  පෝර්න්සාවන් විසින් එවූ  : "මම ඔයාට ගොඩක් ආදරෙයි, තාත්තා සහ අම්මා." යන පණිවිඩයයි.

තම පුතුව නිදහස් කරන ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුවේ නොසිටි  තම බලාපොරොත්තු සුන් වීමට පටන් ගත් බව Khongpana මහතා පැවසීය. එසේම ප්‍රහාරයෙන් පසු පස්වන දිනයේ දී  බලධාරීන් ඔහුට පෝර්න්සාවන් මහතා සේවය කළ කිබුට්ස් හි මියගිය කම්කරුවන් තිදෙනෙකුගේ ඡායාරූප එවා ඇත.

ඊශ්‍රායලයේ සිට තම පුත්‍රයා රැගෙන එන ගුවන් යානය පැමිණෙන තෙක් බලා සිටි Khongpana මහතා පැවසූවේ,  "තමා යවන ලද DNA , මියගිය පිරිස අතර සිටි කිසිවෙකුට නොගැලපෙන විට, බලාපොරොත්තුවක් ඇති වූ බවයි.  

 ඊසානදිග තායිලන්තය යනු දුප්පත්, සහල් වගා කරන කලාපයක් වන අතර, එහි වැඩ කරන වයසේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වඩා හොඳ අවස්ථා සොයමින් රටෙන් පිටව යයි.



හමාස් විසින් ප්‍රාණ ඇපයට ගත් එකම තායි කාන්තාව වන්නේ , නත්තවරී  යෝ  මුල්කායි.  ඇයගේ මව වන  බුන්යාරින් ශ්‍රිචාන් පැවසුවේ තම දියණිය සෑම මසකම තම වැටුපෙන් අඩක් ( තායි බාට් 25,000 ($ 715; පවුම් 560 )  නිවසට එවූ බවයි. බොහෝ කම්කරුවන් ඊශ්‍රායලයට යාමට මුදල් ණයට ගන්නා අතර, වෙනත් රටකට ගොස් ලබා ගන්නා වැටුපෙන් කොටසක් තම පවුල් නඩත්තු කිරීමට සහ ඉතිරිය ණය ගෙවීමට යවයි.

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු තායි ජාතිකයන් 8,500 ක් පමණ පිරිසක් ආපසු තායිලන්තයට ගෙන්වා ගෙන ඇත. නමුත් තවත් පිරිසක්  රැකියා විරහිතභාවය හේතුවෙන් ආපසු තායිලන්තයට ගොස් ඇති බවද වාර්ථා වී ඇත.   අපිරිසිදු වාසස්ථාන , අධික ලෙස වැඩ කිරීම සහ අඩු වැටුප් ගෙවීම වැනි ඊශ්‍රායලය තුළ දී සිදු වූ  දුක්ඛිත තත්වයන් ගැන බොහෝ දෙනෙක් මීට පෙර පවසා ඇත.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර තාවකාලික සටන් විරාමය බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිතව තිබූ නමුත්,  එය එක් දිනකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

එය නරිස්සර චන්තසාංට නැවුම් බලාපොරොත්තුවක් ලබා දී ඇත.  මන්දයත් ඇගේ සැමියා වන නට්ටපොං පින්තා තවමත් හමාස් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිටින බැවිනි.