three-crore-fraud

පෞද්ග­ලික දුර­ක­තන සමා­ග­ම­කට ව්‍යාජ ලේඛන ඉදි­රි­පත් කර ලබා­ගත් සිම්පත් මඟින් රියැ­ලිටි වැඩ­ස­ට­හ­නක ගාය­ක­ය­කුගේ බැංකු ගිණු­මට අන්ත­ර්ජා­ල­යෙන් අයුතු ලෙස ඇතුළු වී රුපි­යල් ලක්ෂ 50ක මුදල් සොරා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් එකම පවුලේ සහෝ­ද­රි­යන් දෙදෙ­නකු ඇතුළු තිදෙ­නකු කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­ය­කට ඉදි­රි­පත් කර­මින් ඔවුන් එවැ­නිම ආකා­ර­යෙන් රුපි­යල් කෝටි 03කට අධික මුද­ලක් රෝගීන් 11 දෙන­කු­ගෙන් වංචා කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදි­රියේ ඊයේ (07) කරුණු වාර්තා කළේය. 

මෙම සැක­ක­රු­වන් පැමි­ණි­ල්ලට අදාළ ගාය­ක­යාගේ ගිණු­මෙන් මුදල් ලබා­ගෙන ඒවා විවිධ බැංකු ගිණු­ම්ව­ලට සහ ෆිනෑන්ස් සමා­ග­ම්ව­ලට යොමු කර ඇති අතර රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න මුද­ලක් විය­දම් කර ඇපල් වර්ගයේ ජංගම දුර­ක­තන පවා ලබා­ගෙන ඇති බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.


මීට අමතරව පිළිකා රෝගීන් මෙන්ම ලියු­කේ­මියා රෝගීන්ට සැත්කම් සඳහා මුදල් ඉල්ලා මුහු­ණු­පොතේ ඇති දැන්වීම් රාශි­ය­කට දුර­ක­ත­න­යෙන් ඇම­තුම් ලබා­ගෙන ඇති මොවුන් මේ ආකා­ර­යෙන් රුපි­යල් කෝටි තුන­කට අධික මුද­ලක් වංච­නි­කව සොරා­ගෙන ඇති බවත් ඔවුන් එම මුදල් විය­දම් කළ ආකා­ර­යක් මෙතෙක් සොයා­ගත නොහැකි වී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළේය.පළමු සැක­කරු සහ සැක­කා­රි­යන් දෙදෙනා ඔවුන්ගේ බාල­ව­ය­ස්කාර දරු­වන් ද රැගෙන පෞද්ග­ලික දුර­ක­තන සමා­ග­මට ගොස් මෙම වංචාව කිහිප වතා­වක්ම සිදු කර ඇත්තේ ව්‍යාජව සක­සා­ගත් ලිපි ශීර්ෂ ද ඇතැ­තිව බවත් ඒ සඳහා ඔවුන්ගේ මව ද ඔවුන් සමඟ ගොස් වර­දට ආධාර අනු­බල දී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කළේය.


මෙහි ප්‍රධාන සැක­කරු ස්ත්‍රී දූෂණ ඇතුළු කොල්ල­කෑම් රැස­කට අදා­ළව පව­තින නඩු 25කට අධික ප්‍රමා­ණ­යක් ඇති බව සඳ­හන් කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මෙවුන් රෝගීන් 11 දෙන­කු­ගෙන් මෙවැනි ආකා­ර­යෙන් අන්ත­ර්ජාල මුදල් කොල්ල­කෑම් සිදු කර ඇති බවට අනා­ව­ර­ණය වී ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු සඳ­හන් කළේය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රයා සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­ක­යන් නිවැ­ර­දි­ක­රු­වන් බවය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කර­මින් එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණ­සිංහ