udappuwa-incident

උඩ­ප්පුව පුන­වි­ටිය ප්‍රදේ­ශයේ නිවෙ­සක තිබූ රුපි­යල් ලක්ෂ 70කට ආසන්න රන් හා මුදල් තොග­යක් ඊයේ (25) අලු­යම නිවැ­සි­යන් නොමැති අව­ස්ථාවේ දී සොරා ගෙන ඇති බව උඩ­ප්පුව පොලි­සිය පව­සයි.

උඩ­ප්පුව පුන­පි­ටිය ප්‍රදේ­ශයේ කෝටි­පති පොල් හා ඉස්සන් ගොවි­පොළ අයත් ව්‍යාපා­රි­ක­ය­කුගේ නිවෙ­සක් සොරුන් විසින් මෙසේ කොල්ල කා ඇති බව පව­සයි. අදාළ කෝටි­පති ව්‍යාපා­රි­කයා තම බිරිය හා දරු­වන් සමඟ පුන­වි­ටිය ජේසු බිළින්දා දේව­ස්ථා­නයේ පෙරේදා (24) මධ්‍යම රාත්‍රී පැවති

නත්තල් දේව මෙහෙ­යට ගොස් ආපසු ඊයේ (25) අලු­යම නිවෙ­සට පැමි­ණෙන විට නිවෙසේ තිබූ රන් හා මුදල් කොල්ල කා ඇති බවට තහ­වුරු වීමෙන් පසු පොලි­සි­යට පැමි­ණිලි කර ඇති බව පව­සයි.

අදාළ කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ නිවෙසේ ජනේ­ල­යක් කඩා නිවෙ­සට ඇතුළු වී ඇති බව මූලික පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී තහ­වුරු වී ඇති අතර අදාළ සොර­කම පිළි­බ­ඳව උඩ­ප්පුව පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක

ධම්මික කුල­තුංග මහතා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ ආරම්භ කර තිබේ. අදාළ සොර­කම සම්බ­න්ධව පොලිස් සුනඛ ඒකක හා පොලිස් ස්ථානීය පරී­ක්ෂණ නිල­ධා­රීන් යොදවා පරි­ක්ෂණ ආරම්භ කිරී­මට නිය­මි­තව තිබුණි. 


පුත්ත­ලම - හිරාන් ප්‍රියං­කර ජය­සිංහ - ක්‍රිස්පිල් බෙන­ඩික් ප්‍රනාන්දු