veyangoda-school-food-poisonning

පාසලක ගෘහ විද්‍යා පාඩ­ම­කට අදා­ළව සකස් කරන ලද බව කියන ආහා­ර­යක් අනු­භව කිරී­මෙන් පසු අසා­ත්මි­ක­තා­ව­කට පත් වූ පාසල් සිසු සිසු­වියෝ 12 දෙනෙක් සිකුරාදා (8) දහ­වල් මීරි­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කරන ලදැයි වාර්තාවේ. මෙසේ රෝගා­තුර වී ඇත්තේ වේවැ­ල්දෙ­ණිය පාසලක සිසුවියන් පිරිසකි.

පාසලේ ගෘහ විද්‍යා පාඩම අනුව නිය­මිත කාල පරි­ච්ඡේ­ද­යේදී සකස් කළ ආහා­ර­යක් අනු­භව කිරී­මෙන් අන­තු­රුව සිසු පිරි­ස­ගේ සිරුරු කැසී­මට පට­න් ගෙනඇතැයි වාර්තාවූ අතර ඒ සමඟ කඩි­න­මින් ඔවුන් රෝහ­ල්ගත කිරී­මට පාසල් බල­ධා­රීන් පියව ගෙන තිබේ.

මීරි­ගම රෝහලේ බාහිර ප්‍රති­කාර ඒක­ක­යේදී මූලික ප්‍රති­කාර දීමෙන් පසු සිසු පිරිස වාට්ටු­ව­කට ඇතු­ළත් කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බවත් රෝහල් ප්‍රකා­ශි­කා­වක් සඳ­හන් කළාය.