walagamba-gem-galewala

වළ­ගම්බා රජුගේ මැණික් පෙට්ටි­යක් ලබා­ගැ­නීමේ අර­මු­ණින් ගලේ­වෙල පුව­ක්පි­ටිය වේර­ග­ල­වත්ත ප්‍රදේ­ශයේ නිවාස දෙකක බිම හාරා කැණීම් කර­මින් සිටි කාන්තා­වත් සහ පිරිමි පුද්ග­ල­යන් හතර දෙනකු සැක­පිට 24 දින රාත්‍රියේ අත්අ­ඩං­ගු­වට ගත් බව ගලේ­වෙල පොලී­සිය කියයි.

පොලිස් කණ්ඩා­යම එම ස්ථාන­යට යන විටත් විදුලි ආලෝක දල්වා­ගෙන නිවස තුළින් අඩි විස්සක පමණ ගැඹුරු වළක් හාරා නිවස ඇතුළේ සිට විශාල දුර ප්‍රමා­ණ­යක් දෝනා­වක් හාර­මින් සිට ඇතැයි පොලි­සිය කියයි.



නිවෙස් හිමි කාන්තාව අඳු­නක් බලා ඔවු­න්ගේම නිවාස දෙකක් තුළින් මහ­පො­ළොව යටින් වළ­ගම්බා රජු තැන්පත් කළ මැණික් බහලූ පෙට්ටි­යක් ඇති බව ප්‍රකාශ කිරී­මත් සමඟ එම පවු­ලේම පිරිස එක්ව කාල­යක සිට මෙම කැණීම් සිදු­කොට ඇතැයි ගලේ­වෙල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක විපුල බණ්ඩාර මහතා පැව­සීය.

මීට පෙර මෙම නිවස ආස­න්නයේ ම ඔවු­න්ගේම නිව­සක මහ­පො­ළොව හාර පස් ඉවත් කොට එම ස්ථානය නැවත කොන්ක්‍රීට් දමා වසා දැමීම සිදු­කොට නැවත වරක් ඔවු­න්ගේම සතු මෙම නිවස ද ඒ ආකා­ර­යෙන්ම විශාල වළක් හරහා දෝනා­වක් දිගේ පස් ඉවත් කර­මින් නිවස තුළ ඇති මහ­පො­ළොව යට ඇති කළු­ගල් බෝර­දමා ඉවත් කොට ඇතැයි පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී තිබේ.



වැට­ලීම සිදු­කළ පොලිස් කණ්ඩා­ය­මට මෙම ස්ථානයේ පුද පූජා පවත්වා කැණීම් සිදු­කොට ඇති බව අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වී තිබේ. ඒ අනුව කැණීම් සඳහා උප­යෝගී කර­ගත් භාණ්ඩ මෙන්ම පූජා භාණ්ඩ කිහි­ප­යක් ද පොලිස් භාර­යට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට පත් කාන්තාව සහ පිරිමි සිව්දෙනා විසි­ප­හ­දින දඹුල්ල මහේ­ස්ත්‍රා­ත්ව­රයා හමු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව ගලේ­වෙල පොලි­සිය කියයි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් ගලේ­වෙල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක විපුල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩා­යම පරී­ක්ෂණ පව­ත්වති.