wele-suda-brother-file-missing

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක නඩු ගොනුවක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබේ.



මාර්ග බාධක රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු රිය අනතුරකට ලක්කර මරණයට පත් කළ බවට චෝදනා කරමින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධ කල්ලි සාමාජික වෙලේ සුදා නමැත්තාගේ බාල සොහොයුරාට එරෙහිව අදාළ නඩුව පවරා ඇති බව සඳහන්ය.

එම විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු ගොනුවක් මෙලෙස අතුරුදන්වී ඇති බවට ඔක්තෝබර් මස 13 වනදා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා විසින් මහාධිකරණය වෙත දැනුම්දී තිබුණි.



හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගැනීමට අදාළ සටහන්වලට අදාළ පිටපත් මෙන්ම සිතාසිය ද ඉදිරිපත් කළ යුතු වුවත් ඒවා මේ වනවිට අස්ථානගතවී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව අප්‍රේල් මස 02 වැනිදා ඔහුට තමා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මහතා නියෝග කර ඇත.