yasara-gunasekara-death

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂය යටතේ උපාධිය හදාරා මීට මාස දෙකකට පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27 හැවිරිදි යසාරා හංස­මාලි ගුණ­සේ­කර  නමැති තරුණියක පෙරේදා (2) දහවල් කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයට පැමිණ කිසියම් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර දැඩි ලෙස රෝගාතුරව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියයාමේ සිදුවීමට අදාළ පශ්චාත් මරණ පරි­ක්ෂණ කට­යුතු රාගම රෝහලේ අධි­ක­රණ විශේ­ෂඥ වෛද්‍ය­ව­රයා විසින් (03) දින සිදු­කර තිබුණි.
අන­තු­රුව ඉදි­රි­පත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැල­කි­ල්ලට ගත් රාගම රෝහලේ හදිසි මරණ පරි­ක්ෂක ප්‍රියං­කර ලාල් මහතා විසින් මෙම තරු­ණි­යගේ මර­ණය පිළි­බ­ඳව විවෘත තීන්දු­වක් ලබා දෙමින් සිරුරෙ කොටස් වැඩි­දුර පරි­ක්ෂණ සදහා රජයේ රස පරි­ක්ෂ­ක­ව­රයා වෙත යැවී­මට කට­යුතු කරන ලෙස දන්වා ඇයගේ දේහය සහෝ­ද­රිය හා මව වෙත භාරදි ඇත.



මෙසේ මියගිය යසාරා බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි. ඇය ඉගෙන ගත් වකවානුවේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් තරුණයකු සමඟ පැවැති ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇතිවූ ගැටලුවක් නිසා කිසියම් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් විශ්ව විද්‍යාල භූමිය තුළදී පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසා තිබේ.

නිවැසියන් පවසන්නේ විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය නිම­කර තිබූ ඇය රැකි­යා­වක් සඳහා සම්මුඛ පරි­ක්ෂ­ණ­ය­කට සහ­භාගි වීමට කොළඹ ගිය බවත් හදි­සියේ අස­නි­පව රාගම රෝහ­ලට ඇතු­ළත් කිරි­මෙන් පසු ඇය ගැන තොරතුරු ලැබු බවත්ය. ගැහණු ළම­යින් දෙදෙ­නකු සිටින පවුලේ වැඩි­ම­හල් දරුවා ඇය විය. ඇයගේ මව බදුල්ල මහ නගර සභාවේ රාජ­කාරි කරන්නීය.
ඇයගේ අනෙක් සොහො­යු­රිය ද කොළඹ සර­ස­වියේ මේ වන­විට අධ්‍යා­ප­නය හද­රා­මින් සිටි. බදුල්ල මධ්‍ය මහා විද්‍යා­ලයේ සිප් සතර හැදෑරු යසාරා විශ්ව­වි­ද්‍යාල වරම් හිමි­කර ගැනී­මෙන් පසු කැළ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­ය­ට ඇතුළු වන්නේ 2017 වස­රේදිය. විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය නිම­කර ඇය මිය­යන විට ගතව තිබුණේ මාස දෙකක පමණ කාල­යකි.
ඇය සරසවිය තුළ පැවැත්වූ සබඳතා ගැන නිවැසියන් දැන සිටියේ නැත.
එහි අධ්‍යා­ප­නය හදා­ර­මින් සිටින අත­ර­තුර දීම රැකි­යා­වක් සඳහා පෞද්ග­ලික ආය­ත­න­ය­කට ඇය විසින් යොමු­ක­රන ලද ඉල්ලුම් පත­කට අනුව ඒ සඳහා පැවැ­ත්වෙන සම්මුඛ පරි­ක්ෂ­ණය සඳහා පැමි­ණෙන ලෙස දන්වා තිබූ බව නිවසේ අය පවසා තිබේ.

ඒ අනුව යසාරා ස්ප්‍රිංවැලි නිවසේ සිට කොළඹ යන්නේ එම සම්මුඛ පරි­ක්ෂ­ණය සඳහා සහ­භාගි වීම­ටය. එම සම්මුඛ පරි­ක්ෂ­ණයේ මුලික කොටස නිම­වු­වත් ඇයට තවත් දව­සක් දෙකක් කොළඹ නත­ර­වී­මට සිදු­වන බව සම්මුඛ පරි­ක්ෂ­ණයේ අය දන්වා සිටි බව නිවසට ඇය පවසා තිබුණි.



ඒ පිළ­ිබ­ඳව තම පියාට දැන්වී­මෙන් පසු ළඟම හිත­ව­තෙකු ගේ නිව­සක එම දින කිහි­පය නත­ර­වී­මට අවශ්‍ය කට­යුතු සලසා දුන්නද ඇය එහි නොගොස් තම සර­සවි යෙහෙ­ළි­යන් සිටින නේවා­සි­කා­ගා­රයේ එම දින දෙක තුන නත­රව සිටි­මට තිර­ණය කර ඇත.
සම්මුඛ පරි­ක්ෂ­ණය නිමා­වෙන් පසු (01) දින පස්ව­රුවේ නේවසිකාගාරයට ගොස් ඇති බව වාර්තාවේ.

එලෙස යෙහෙ­ළි­යන් සමග කාලය ගත කර­මින් සිටින අතර හදි­සි­යේම ඇය කිසියම් ඖෂධයක් අධිකව ලබාගෙන ඇතිවු අස­නිප තත්ත්ව­යක් නිසා ප්‍රති­කාර ලබා­දි­මට ඇයගේ යෙහෙ­ළි­යන් රාත්‍රි 10.30 ට පමණ ඇයව රාගම රෝහ­ලට රැගෙන යාමෙන් පසු එම රෝහලේ වාට්ටු අංක 22 ඇතු­ළත් කළ බවත් ඇයගේ යෙහෙ­ළියෝ සඳ­හන් කළහ.

එලෙස ප්‍රති­කාර ලබ­මින් සිටි­යදි පසු­ගිය (02) දින දහ­වල් 1130 ට පමණ යසාරා මිය­ගොස් තිබේ.
යෙහෙලියන් දුන් කට උත්තර අනුව ඇය කිසියම් ප්‍රේම සබඳතා ගැටලුවක සිටි අවස්ථාවක මෙම සංසිසිද්ධියට මුහුණ පා ඇත.
යසා­රාගේ දේහය පෙරේදා (03) රාත්‍රි 11 ට පමණ ඇයගේ ස්ප්‍රිංවැලි නිව­සට රැගෙන ඒමෙන් අන­තු­රුව එහි තැන්පත් කර ඇත.

මිය­ගිය යසාරා සම­න්මලි ගුණ­සේ­කර තරු­ණිය ගේ අව­සන් කට­යුතු ඊයේ දින (04) පස්ව­රුවේ ස්ප්‍රිංවැලි පොදු සුසාන භුමි­යේදි විශාල පිරි­ස­කගේ සෝ සුසුම් මැද සිදු­විය.