zoo-lion-howletts

එක්සත් රාජධානියේ කෙන්ට් සත්ව උද්‍යානයේ අතින් ඇති දැඩි කළ සිංහ පැටවුන් දෙදෙනෙකු ප්‍රථම වරට පොදු කුටියකට ගෙන ගොස් තිබේ.

Zemo සහ Zala  ලෙස නම් තබා ඇති මොවුන්ගේ මව මොවුන්ට  මාස 6 පමණ වන විට උන්ගේ මිය යාම මෙයට හේතුවිය.
ඉන් අනතුරුව ඔවුන්ව රැකබලා ගනු ලබන්නේ Howletts වනජීවී උද්‍යානයේ පාලකයින් සහ කාර්යමණ්ඩලය විසිනි



උද්‍යානයේ සහ ඇස්පිනෝල් පදනමේ සභාපති ඩේමියන් ඇස්පිනෝල් විසින් මොවුන්ව පුර්ණ වශයෙන් රැකබලා ගැනීම සිදු කෙරිණි.
මේවන විට එම උද්‍යානයේ සතුන් සත්තු 390 කට වැඩි සංඛ්‍යාවක් සිටිති.
සිංහ පැටවුන් දෙදෙනා ඔවුන්ගේ මව වන ග්‍රේස්ගේ මරණයෙන් පසු ජුනි මාසයේදී  අනාථයන් බවට පත් විය.


උද්‍යානයේ සත්ව අධ්‍යක්ෂ Matt Ford පැවසුවේ Zemo සහ Zala යනු "වඩාත්ම ඇදහිය නොහැකි පැටවුන්" බවයි.එසේම ඔහු සදහන් කලේ ඔවුන්ගේ මවගේ ශෝකජනක වියෝව නිසා අපි ඔවුන්ව උපන්දා සිට රැකබලා ගත්තෙමු. ඔවුන් වැඩෙමින් වර්ධනය වන ආකාරය දැකීමට ලැබීම සතුටක්.යනුවෙනුයි.

කෙසේනමුත් මොවුන් පොදු කුටියකට රැගෙන යාම ගැන අදහස් දැක්වූ කාර්ය මණ්ඩලය සදහන් කලේ  පැටවුන් දැන් “ශක්තිමත් සහ පරිණත” වී ඇති බවත් ඔවුන්ගේම වාසස්ථානයක් ඇති බවයි.