ආරක්ෂිත කැමරා පද්ධති මගින් හදුනා ගන්නා රථ වාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු ලබා ගැනීම වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එළඹෙන පෙබරවාරි 01 දා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.එතෙක් ආරක්ෂිත කැමරා පද්ධති මගින් හඳුනා ගන්නා රථවාහන වැරදිකරුවන්ට මූලික පියවරක් ලෙස අවවාද කිරීමත් ඔවුන් දැනුවත් කිරීමත් දිගින් දිගටම සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ඉකුත් (24) දිනය පුරා CCTV මගින් රථ වාහන වැරදිකරුවන් 158 දෙනෙකු හඳුනා ගත් අතර එම වාහනවල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීම සඳහා අදාළ පොලිස් වසම් දැනුවත් කර ඇති බව ද පොලිස් මුලස්ථානය පවසයි.
මෙහිදි විශේෂයෙන්ම මං තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නො නවත්වා ධාවනය කිරීම යන වැරදි නිරීක්ෂණය වී ඇති බව කියයි.
CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය කියයි.ඊට අමතරව CCTV ජංගම රථ මගින්ද කොළඹ නගරයේ හඳුනාගත් ස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, ඉදිරියේදී අනෙකුත් නගරවලද ජංගම රථ ස්ථානගත කර මෙහෙයුම් සිදු කරන බව පැවසේ.ඒ අනුව මෙම වැඩසටහන යටතේ හඳුනා ගන්නා රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු ලබා ගැනීම එළඹෙන පෙබරවාරි 01 සිට ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ බළ ප්‍රදේශවල උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටී.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments