13-daughter-police

වසර දෙකකට වැඩි කාලයක සිට තම පියාගෙන් සිදුවන ලිංගික හිරහැර ඉවසා ගැනීමට නොහැකි වූ 13 හැවිරිදි දැරියක තනිවම පොලිසියට පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරේදා 28 වැනිදා පියා අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.





මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නොච්චියාගම පොලිස් වසමේ පදිංචි 34 හැවිරිදි පෙදරේරුවෙකි.දැරිය, තම මව පියා සහ සිය සහෝදරයා සමගින් නිවසේ ජීවත්ව සිටින අතර, මීට වසර දෙකකට පමණ පෙර ( 2021 වර්ෂයේ) සිට, තමන් හය වැනි වසරේ ඉගෙනුම ලබන කාලයේ සිට, මේ දක්වා වරින් වර, නිවසේ කිසිවකුත් නොමැති අවස්ථා වලදී තමා අතවරයට ලක් කරන බව දැරිය සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

දිගින් දිගටම පියාගෙන් සිදුවන කරදර ඉවසා ගැනීමට නොහැකිව දැරිය විසින් මේ පිළිබඳව පියාගේ මවට දැනුම්දීමෙන් අනතුරුව, තමන් මිත්තණියගේ නිවෙසට රැගෙන ගිය බවත්,

පසුව පෙරේදා යළිත් තමන් මව පියා සිටින නිවෙසට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී මිත්තණියට හොරෙන් පොලිසියට පැමිණි බව දැරිය සිදු කළ ප්‍රකාශවල වැඩි දුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව සිටියාය. සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

බී.ජී. චතුරංග