15-student-death

යතුරුපැදියක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවකු මරණයට පත්ව ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය විරුතෝඩේ මුස්ලිම් මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි කලීල් අහමද් මොහොමඩ් නමැති පාසල් සිසුවකු බව පොලිසිය කියයි.



අනතුරින් මරණයට පත් සිසුවා 17 වැනිදා රාත්‍රියේ විරුතෝඩය මුස්ලිම් මහා විද්‍යාලය අසලදී තම මිතුරකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන සුළු දුරක් ගමන් කරමින් සිටිය දී ඉදිරිපසින් ගමන් කළ ලොරියේ ගැටී මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.අනතුරින් මරණයට පත් සිසුවා යතුරු පැදිවලට දැඩි ලෙස ඇලුම් කළ නමුත් ඔහුගේ මව්පියන්ගේ ආර්ථීක අපහසුතා හේතුවෙන් යතුරු පැදියක් නිවසේ නොතිබූ බවත් ඒ නිසාම මිතුරන්ගේ යතුරු පැදි ඉල්ලා සුළු දුරක් ධාවනය කර ආපසු ලබා දෙමින් සතුටු වී ඇති බව ද පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබේ.

තම මිතුරකුගේ යතුරු පැදිය ඉල්ලා ගනිමින් එහි නැගී මද දුරක් ගමන් කර තිබුණ ද එහි අලෝක පහන් දැල්වීමට ඔහුට අමතක වී ඇති බවත්

ඒ සමගම මෙම සිසුවා ලොරි රථයේ ගැටුණ ස්ථානයට ආසන්නයේ තිබූ විදුලි කණුවක ද ගැටීමෙන් පසු මෙසේ ලොරියේ පිටුපස ගැටී ඇති බවත් පොලිසිය කියයි.බරපතළ තුවාල සිදුව සිටි සිසුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණ ද ඒ වනවිටත් සිසුවා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. මදුරන්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.