35-year-old-woman-who-was-advising-to-lose-weight-dies-of-a-sudden-heart-attack

බර අඩු කරගැනීමේ උපදේශනයන් ලබාදීම නිසා අන්තර්ජාලය තුළ ප්‍රකටවී සිටි බ්‍රසීල ජාතික කාන්තාවක් අඩු වයසින් හදිසියේ මියයාම සම්බන්ධ ආන්දෝලනාත්මක තත්වයක් වාර්තාවේ.
මෑතකදී විවාහ වූ  බව කියන මෙම බර අඩු කරගැනිමේ උපදේශිකාවක සැක සහිත ලෙස හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.
මිය යන විට 35 වියෙහි පසු වූ ඇය මිලා ඩී ජීසස් නම් විය.
ඇය මීට වසර හයකට පෙර සිට යූ ටියුබ් සහ ඉන්ස්ටග්‍රෑම් හි විශාල ලෙස බර අඩු කර ගැනීම පිළිබඳ විස්තර කරමින් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. ඇය මීට මාස හතරකට පෙර විවාහ වී බොස්ටන් වෙත පදිංචියට ගොස් සිට තිබූ අතර සඳුදා සමාජ මාධ්‍ය සටහනක් මගින් පවුලේ සාමාජිකයෙක් ඇයගේ මරණය නිවේදනය කර තිබුණි.



ඇය මිය යාමට සතියකට පෙර, ඇය සහ ඇගේ පවුලේ අය හිම වල විනෝද වන ඡායාරූප සහ වීඩියෝ බෙදා සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගෙන තිබිණි.

බ්‍රසීලියානු යූ ටියුබර් කැමිලා කොයියෝ හා බ්‍රසීලියානු මුල් ළමාවිය අධ්‍යාපනවේ ෆ්ලේවියා කැලිනා ද මෙම සිදුවීමෙන් කම්පාවට පත්ව ඇත.

තත්ත්වය එසේ වුවද ජුලි මාසයේදී ඩි ජීසස් හෙළි කළේ ඇය සමේ රෝගයකින් පීඩා විඳි බවයි.
ඇයට මීට පෙර විවාහයෙන් දරුවන් හතර දෙනෙකුද සිටින බව සදහන් ය.