ඔස්ට්‍රේලියානු දිනය සැමරීමට ඕස්ට්‍රෙලියානුවන් සූදානම්ව සිටියදී සියවසක් පමණ පැරණි කැප්ටන් ජේම්ස් කුක්ගේ ප්‍රතිමාව සහ වික්ටෝරියා රැජිනගේ ස්මාරකය විනාශකරුවන් විසින් රතු සායම්වලින් වර්ණ ගන්වා තිබේ.ෙ
ඔස්ට්‍රේලියානු දිනයට පෙර දින මෙල්බර්න් නුවරදී මෙම විනාශය සිදුවී ඇති අතර මේ වන විට එහි පොලිස් පර්යේක්ෂණ සිදුකරමින් පවතී .
ජනවාරි 26 යනු 1788 සිඩ්නි කෝව් වෙත බ්‍රිතාන්‍යයේ පළමු බලඇණිය ගොඩබෑමේ සංවත්සරය සහ යටත් විජිත යුගයේ ආරම්භයයි.
මෙහිදී කුක් ප්‍රතිමාවේ කුළුණේ විනාශකරුවන් විසින් "විජිතය වැටෙනු ඇත" යනුවෙන් ලියා ඇත.
එසේම වික්ටෝරියා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, [කුක්] ප්‍රතිමාව වළලුකර අසලින් කපා දමා ඇති බවයි.
1914 ස්මාරකය ,කුක්ගේ 1768-1771 මුහුදු ගමන සිහිපත් කරන අතර එම කාලය තුළ ඔහු රටේ නැගෙනහිර වෙරළ තීරය ප්‍රස්ථාරගත කළ අයුරුත් කපිතාන් ආතර් ෆිලිප්ගේ නායකත්වයෙන් යුත් පළමු බලඇණිය යැවීමට පසුව තීරණයක් ගැනීමට මග පැදුණු අයුරුත් සිහිපත් කරනු ඇත.
කෙසේනමුත් ප්‍රතිමාව ජනවාරි 26 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී විනාශ කළ බවක් පෙනෙන්න ඇති බව බලධාරීහු පවසති .
එය වරින් වර විනාශ කරුවන් විසින් විනාශයට පත්ව ඇති අතර 2022 දීද එය රතු තීන්තවලින් නහවා තිබු අතර, 2018 දී ස්මාරකය "ආඩම්බර නැත" යන වචන වලින් කුරුටු ගා ඒ අසල ආදිවාසී ධජයක් තබා තිබි ඇත.
මේ පිලිබදව අදහස් දක්වමින් වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පැවසුවේ ස්මාරක දෙකම විනාශ කිරීමට " කිසිවෙකුට ඉඩක් නොමැති" බවයි.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ නගර මධ්‍යයේ ඇති වික්ටෝරියා රැජින ස්මාරකය පිරිසිදු කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බවයි.
තවද පෝට් ෆිලිප් නගරාධිපති හීදර් කුන්සෝලෝ පැවසුවේ "ඕස්ට්‍රේලියානු දිනය වටා ඇති විවිධ අදහස්" ඇය තේරුම් ගත් නමුත් "අවසානයේ පිරිවැය ගෙවන්නන් විසින් දරනු ලබන පොදු වත්කමක් විනාශ කිරීම" ඇයට අනුමත කළ නොහැකි බවයි.
මෙම විනාශකාරී තත්ත්ව නිසාම බ්‍රහස්පතින්දා කුක් ප්‍රතිමාව ආරක්ෂා කිරීම සඳහා තම සභා ආරක්ෂක නිලධාරියෙකු සූදානම් කර ඇති නමුත් ඔවුන් පැමිණීමට පෙර මෙම සිදුවීම සිදු වූ බව ඇය පවසා ඇත.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් 60%ක් පමණ ජනවාරි 26 වැනිදා ඔස්ට්‍රේලියානු දිනය සමරණ බව වාර්තා වලින් ගම්යව ඇත.
මෙම සැමරුම පිලිබදව විවිධ විවේචන පවතින අතර බොහෝ ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සහ තවත් අය පවසන්නේ ආදිවාසීන්ගේ සහ ටෝරස් සමුද්‍ර සන්ධියේ දූපත් වැසියන්ගේ ඉඩම් සොරකම් කිරීම සහ සංස්කෘතියෙන් ඔවුන් ඉවත් කිරීම නියෝජනය කරන දිනයක් සැමරීම වැරදි සහගත බවයි.
මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවේ එම දිනය හේතුවෙන් විරෝධතා වර්ධනය වී ඇති අතර බොහොමයක් දෙනා එම නිවාඩුව නොසලකා හැර ඇත.
0 Comments