ප්‍රංශයේ ලූව්රා කෞතුකාගාරයේ රඳවා තිබෙන 16 වැනි සියවසේ ලෙනාඩෝ ඩා වින්චි සිතුවම් කළ බව සලකන සුප්‍රසිද්ධ ‘මොනාලිසා‘ මුල් සිතුවම ආසන්නයට පැමිණ විරෝධතාවක නිරත කාන්තාවන් දෙන්නෙකු අද (28) සුප් වීදුරුවලින් ඊට දමා ගසා අපවිත්‍ර කිරීමේ උත්සාහයක නිරතවු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රංශයේ "සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ආහාර" ප්‍රතිපත්තිය ගැන පවතින විවේචන සමග සිය විරෝධය පළ කිරීමට මෙම ක්‍රියාව සිදුකර ඇති බව දැනගන්නට ලැබේ.
කෙසේ වෙතත් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළින් දිනාගත් වටිනා සිතුවම සුප් ප්‍රහාරය නිසා හානියට පත් නොවූ බවත් එය ආරක්ෂිත වීදුරුවකින් දර්ශනය වීමට සලසා ඇති නිසා සුප් දියර ඉසුනේ වීදුරුව මතු පිටට පමණක් බවත් බලධාරීන් පවසා තිබේ.
"ආහාර ප්‍රතිප්‍රහාරය" යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැළඳ සිටි කාන්තා විරෝධතාකරුවන් දෙදෙනා දියරය විසි කරන අයුරු වීඩියෝව මේ වනවිට ලොව පුරා ප්රවෘත්ති වල ඉහළ අවධානයකින් ප්‍රචාරය වේ.
Riposte Alimentaire (Food Counterattack) නම් කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර
ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය රචිඩා ඩැටි පැවසුවේ "කිසිදු හේතුවක්" මත මොනාලිසා ඉලක්ක කර විරෝධතා පැවැත්වීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
මෙම සිතුවම 1911 දී කෞතුකාගාරයෙන් සොරකම් කර ඉතාලියේ ෆ්ලෝරන්ස් හි පෞරාණික භාණ්ඩ වෙළෙන්දෙකුට විකිණීමට උත්සාහ කරන අවස්ථාවේ අත්අඩංගුවට ගන්නට හැකි විය. පසුව නැවත කෞතුකාගරයේ ස්ථාපිත කෙරුණි.
1950 ගණන්වල මුල් භාගයේ සිට මොනාලිසා ආරක්ෂිත වීදුරු පිටුපස සිට ඇති නමුත් වරක්, අමුත්තෙකු එයට ඇසිඩ් වත් කිරීම නිසා එයට හානි විය.
2019 දී කෞතුකාගාරය පැවසුවේ එය ආරක්ෂා කිරීම සඳහා වඩාත් විනිවිද පෙනෙන වෙඩි නොවදින වීදුරුවක් ස්ථාපනය කර ඇති බවයි.
2022 දී, ක්‍රියාකාරිකයෙකු සිතුවමට කේක් විසි කරමින් , "පෘථිවිය ගැන සිතන්න" යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
video Below
0 Comments