Eight-killed-in-Papua-New-Guinea-riots-and-unrest

පැපුවා නිව්ගිනියාවේ අගනුවර වන Port Moresby හි ඇති වූ විශාල නොසන්සුන්තාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු පමණ  මිය ගොස් තිබේ.
වැටුප් ආරවුලක් මත පොලිසිය වැඩවර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු කඩ සාප්පු සහ මෝටර් රථ ගිනි තබා සුපිරි වෙළඳසැල් කොල්ලකන ලදී. බදාදා සිය ගණනක් වීදි බැස තිබුණි.

සිදුවීම පිළිබදව අදහස් දක්වමින් අගමැති ජේම්ස් මාරපේ  කියා සිටියේ ,අවනීතිය නොඉවසන බවයි. "නීතිය කඩකිරීමෙන් කිස්දු ප්‍රතිඵලයක් අත්වන්නේ නැත" ඔහු බ්‍රහස්පතින්දා දිනයේ දී  මහජනතාවට පැවසීය.



සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව යොදවා ඇති අතර බදාදා රාත්‍රිය වන විට බොහෝ කෝලාහල අවසන් වී තිබිණි. එහෙත් රට තුළ තවමත් නොසන්සුන්තාවයන් පවතින බව මාරපේ මහතා පිළිගත්තේය.

මෙම කොල්ලය බොහෝ දුරට "අවස්ථාවාදීන්" විසින් සිදු කර ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙකු  ප්‍රකාශ කර ඇත.

"මෙය අපේ නගරයේ සහ අපේ රටේ ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයක්. " යැයි ජාතික අගනුවර දිස්ත්‍රික් ආණ්ඩුකාර පවුස් පාර්කොප් පැවසීය.

Moresby හී මිය ගිය ගණන පිළිබදව මෙතෙක් නිවැරදි තොරතුරු ඉදිරිපත් කර නොමැති නමුත්, සිදු වීම හේතුවෙන් යම් ජීවිත ප්‍රමාණයක් අහිමි වූ බව තහවුරු කර ඇත.  එහෙත් පෝට් මෝර්ස්බි මහ රෝහල මරණ අටක් තහවුරු කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රචණ්ඩත්වය අගනුවරෙන් පිටත ද ව්‍යාප්ත වී ඇත. තවත් පුද්ගලයින් හත් දෙනෙකු  Lae නගරයේ දී මිය ගිය බව ප්‍රාදේශීය පොලිසිය පවසයි. පැපුවා නිව්ගිනියාවේ දෙවන විශාලතම නගරයක් වන මෙහි ඇති වු ප්‍රචණ්ඩත්වයේ තරම අපැහැදිලිය.

තම වැටුප 50% දක්වා අඩු කර ඇති බව දැන ගැනීමෙන් පසු බදාදා දිනයේ දී, පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා වැඩ වර්ජනයක් පැවැත්වීමත් සමග මෙම නොසන්සුන්තාව ඇති විය.

අගමැති ජේම්ස් මාරපේ පැවසුවේ , පරිගණක දෝෂයක් හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් චෙක්පත් වලින් ඩොලර් 100 (පවුම් 78) පමණ අඩු වී ඇති අතර,  ඇතැම් විරෝධතාකරුවන් පවසන පරිදි රජය විසින් කිසිදු බදු වැඩි කිරීමක් නොකරන බවයි.

“සමාජ මාධ්‍ය මෙම වැරදි තොරතුරු ප්‍රචාරය කළා. පොලීසිය සේවාවන්ගෙන් ඉවත් වී ඇති බව දැන ගත් පසු මිනිසුන් එයින් ප්‍රොයෝජන ගත්තා. ” යැයි මාරපේ මහතා පැවසුවේය.  



රූපවාහිනී දර්ශන මගින් නගරය පුරා විශාල ජනකායක් කොල්ලකෑම් සිදු කරන ආකාරය පෙන්නුම් කරන ලදී. ගිනි තැබූ ගොඩනැගිලි අතර විශාල වෙළෙඳ මධ්‍යස්ථානයක් ද විය.

ගිලන්රථ නිලධාරීන් පැවසුවේ , කොල්ලකරුවන් වෙඩි තැබීමේ සිදු වීම් ගණනාවක් සිදු කර ඇති බවත්,  එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්‍රය අසල වෙඩි තැබීම් වාර්තා වූ බවත්ය.

චීන ව්‍යාපාර කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති අතර චීන ජාතිකයන් ගණනාවක් තුවාල ලැබූ බව පවසමින්, චීන තානාපති කාර්යාලය පැපුවා නිව්ගිනියා රජයට ද (PNG)  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබද සඳහන් කර තිබුණේ නැත.

PNG සඳහා අසල්වැසි සහ ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවෙකු වන ඕස්ට්‍රේලියාව රට තුළ සන්සුන්තාව ඉල්ලා සිටියේය. පසුගිය මාසයේ ඔස්ට්‍රේලියානු නායකයා හමුවූ මාරපේ මහතා,  තවමත් ඕස්ට්‍රේලියාවෙන් සාම සාධක ආධාර ඉල්ලා නැත.

ඉහළ උද්ධමනය සහ විරැකියා අනුපාත දැක ඇති පැපුවා නිව්ගිනියාවේ ආර්ථික පසුබෑමක් මධ්‍යයේ, අගමැතිවරයා වැඩි පීඩනයකට මුහුණ දී තිබෙන අතර,  ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට  විපක්ෂය කටයුතු කරමින් සිටියි.

විශ්ලේෂකයින් පවසන්නේ ජනගහනය අතර ඇති අසතුටුදායක බව, බදාදා දිනයේ දී  400,000 ක පමණ ජනතාවක් වාසය කරන අගනුවර නොසන්සුන්තාවයට හේතු වූ බවයි.

"Port Moresby හි සිදු වූ සිදුවීම්, PNG හි පොලිසිය, හමුදා සහ අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම සියලුම සේවකයින්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අභ්‍යන්තර සමාජ හා ආර්ථික වේදනාවන් සහ දුක් වේදනා ප්‍රකාශ කරයි," යනුවෙන් PNG Think Tank විශ්ලේෂක සැම්සන් කොමාටි ඕස්ට්‍රේලියානු ගුවන් විදුලියට පැවසීය.