Iran sentences Nobel laureate Narges Mohammadi to additional prison term
නොබෙල් සාම ත්‍යාගලාභී නාර්ගේස් මොහොමඩිට ඉරාන අධිකරණය විසින් තවත් මාස 15ක සිර දඬුවමක් නියම කරනු ලැබ තිබේ.

මොහොමඩි මහත්මිය දැනටමත් වසර 12 ක් සිරගතව සිරදඬුවම් විඳිමින් සිටී.
සිරගතව සිටියදී ඉස්ලාමීය ජනරජයට එරෙහිව ප්‍රචාර පතුරුවා හැරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇති අතර දඩුවම මාස 15ක් දක්වා දීර්ඝ කිරීමට එය හේතු වී ඇත.



මෙය 2021 මාර්තු මාසයේ සිට ඇයට එල්ල කරන ලද  පස්වන වරද වන බව පවසමින්, ඇයගේ පවුලේ පිරිස මෙම තීන්දුව හෙළා දකියි.
නවතම නඩු විභාගයට ඇය පැමිණ නොසිටි අතර, ඇය නොමැති අවස්ථාවක මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.



නර්ගේස් මොහොමඩි දශක ගණනාවක් තිස්සේ ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් උද්ඝෝෂනය කර ඇත. ඇය 13 වතාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර 31 ක සිරදඬුවමක් නියම කර ඇත.

සිරගතව සිටීමට නියම කරන ලද අමතර මාසයන්ට අමතරව, නව දඬුවම මගින් මොහොමඩි මහත්මියට වසර දෙකක් ටෙහෙරානයෙන් පිටුවහල් කිරීමට නියෝග කර ඇත. මෙයින් අදහස් කරන්නේ ඇය දැනට රඳවා සිටින කුප්‍රකට එවින් බන්ධනාගාරයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.

කාලය අවසන් වීමෙන් පසු මොහොමඩි මහත්මියට වසර දෙකක විදේශ ගමන් තහනම් කරන බවත් , දේශපාලන හා සමාජ කණ්ඩායම්වල සාමාජිකත්වය මෙන්ම එම කාලය තුළ ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම තහනම් කරන බවත් තීන්දුවේ සඳහන් විය.



51 හැවිරිදි මෙම මානව හිමිකම් ක්‍රියාකාරිනිය නොයෙකුත් තර්ජන සහ අත්අඩංගුවට ගැනීම් නොතකා සිය වැඩ කටයුතු කරගෙන යයි.

ඇය 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව කළ සේවය වෙනුවෙනි.

වසර ගණනාවක් තිස්සේ තම මව නොදුටු ඇගේ නව යොවුන් වියේ දරුවන්  විසින් ඇය වෙනුවෙන් ඔස්ලෝ නගර ශාලාවේදී මෙම නොබෙල් සාම ත්‍යාගය පිළිගත්තේය .

සිරගෙයින් හොර රහසේ රැගෙන ආ කථාවක් ළමයින් කියවූ අතර,  එහිදී මොහොමඩි මහත්මිය ඉරානයේ "කෲර" රජය හෙළා දුටුවාය.

එහි "මම මේ පණිවිඩය ලියන්නේ බන්ධනාගාරයක උස් සීතල බිත්ති පිටුපස සිටයි. ඉරාන ජනතාව නොපසුබස්නා උත්සාහයෙන් මර්දනය සහ අධිකාරීවාදය ජය ගනීවි" යනුවෙන් ඇය සදහනක් කර තිබුණාය.



පසුගිය වසරේ මහ්සා අමිනීගේ හිජාබය "අයුතු ලෙස" පැළඳ සිටි බවට චෝදනා කරමින් ඇයව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් ආරම්භ වූ විරෝධතා ගැන සඳහන් කරමින් මොහොමඩි මහත්මිය පැවසුවේ , තරුණ ඉරාන ජාතිකයන් "වීදි සහ පොදු අවකාශයන් පුලුල්ව පැතිරුනු සිවිල් ප්‍රතිරෝධයක් ඇති ස්ථානයක් බවට පරිවර්තනය කර ඇති" බවයි.