නවසීලන්තයේ වෙළඳසැලකින් සොරකම් කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන නිකුත් වීමෙන් පසු , Ocean Alley යතුරුපුවරු වාදකයෙකු වන Lachlan Galbraith ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.

Hunting and Fishing Queenstown වෙළෙදසැල විසින් Facebook සහ Instagram වෙත මුදා හරින ලද මෙම දර්ශන තුළින්,  අලුත් අවුරුදු උදාවේදී Galbraith විසින් ඔහුගේ බෑගයට ඕස්ට්රේලියානු ඩොලර 17.95 ක් වටිනා බීම බෝතල් පියනක් දමා ගන්නා ආකාරය පෙන්වයි.

Ocean Alley ඕස්ට්‍රේලියානු රොක් සංගීත කණ්ඩායම මේ වන විට නවසීලන්තයේ සංචාරය කරමින් සිටින අතර එය බදාදා වෙලින්ටන්හිදී සහ සිකුරාදා වංගමාතාහිදී ගායනා කිරීමට නියමිතය.

Galbraith මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි අතර, ඔහුගේ ක්‍රියාව "අනුවණ" දෙයක් ලෙස විස්තර කළේය.

"ඊයේ අනුවණ ක්‍රියාවක් ලෙස, මම Queenstown Hunting and Fishing store එකෙන් බීම බෝතල් පියනක් සොරකම් කළා. ඒ ගැන මම දැඩි ලෙස පසුතැවෙනවා.

අපගේ සියලුම රසිකයින්, ගබඩාවේ සිටින කාර්ය මණ්බලය සහ මගේ සංගීත කණ්ඩායම කලකිරීමට පත් කිරීම ගැන මට කණගාටුයි.  මගේ ක්‍රියාවන් තුළින් අපේ සංගීත කණ්ඩායම ක්‍රියා කරන ආකාරය පිළිබිඹු කරන්නේ නැහැ. " යැයි ඔහු සංගීත කණ්ඩායමට අයත් Instagram ගිණුමේ පළ කරන ලද වීඩියෝවකින් පැවසීය.

ඔහුගේ සමාව ඉල්ලීමෙන් පසුව, Hunting and Fishing ඔවුන්ගේ සමාජ මාධ්‍යවලින් එම CCTV  දර්ශන ඉවත් කර , Galbraith හට ස්තුතිය පුද කළේය. "පුද්ගලයා කවුරුන්ද යන්න මත පදනම්ව අපි කිසිදු ආකාරයකින් විශේෂ සැලකිල්ලක් නොදක්වමු. ඔවුන් සමාව ඉල්ලා,  සුදුසු වන්දි ලබා දුන්නා.

තත්වය නිවැරදි කිරීමට සුදුසු උත්සාහයක් ගත් නිසා  අපි ලිපිය මකා දැමුවා.", යැයි ඔවුන් දර්ශන ඉවත් කිරීමට ගත් තීරණයට එල්ල වූ විවේචනයන්ට ප්‍රතිචාර වශයෙන් පැවසීය .

Ocean Alley මෙම වසර අගදී උතුරු ඇමරිකාවට සහ එක්සත් රාජධානියට යාමට පෙර ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතය.