ආන්දෝලනාත්මක මැතිවරණයකින් පසු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා අඛණ්ඩව සිව්වැනි වරටත් තේරී පත්වී තිබේ.
ඇගේ පක්ෂය අවාමි ලීගය සහ එහි සහය දෙන්නන් අවම වශයෙන් පාර්ලිමේන්තු ආසන 300 න් 152 ක් දිනා ගැනීමෙන් පසු හසීනා මහත්මිය තවත් වසර පහක ධූරයේ කටයුතු කරනු ඇත.
ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය ඡන්දය වර්ජනය කළ අතර චෝදනා කළේ මෙම ඡන්ද විමසීම ව්‍යාජ එකක් බවයි.
ප්‍රතිඵලය එන්නට පෙර BNP නායකයින් සහ ආධාරකරුවන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුවූ අතර දේශපාලන කලබල රටපුරා පැවතිණි.
1996 දී ප්‍රථම වරට අගමැති ධුරයට පත් වූ හසීනා මහත්මිය, විරාමයකින් පසු 2009 දී නැවත තේරී පත් වූ අතර එතැන් සිට බලයේ රැඳී සිටින්නීය. බලයට පත්වූ වාර ගණන සැලකුවොත් 5 වන වාරයයි.
සඳුදා (8) නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
"මේ රටේ ප්රජාතන්ත්රවාදය දිගටම පැවතීම සහතික කිරීමට මම මගේ උපරිමය කරනවා," ඇය ඡන්දය ප්‍රකාශ කරමින් මාධ්‍යවේදීන් අමතමින් පැවසුවාය.
හියුමන් රයිට්ස් වොච් (HRW) ඇස්තමේන්තු කරන පරිදි, ප්රචණ්ඩ ක්‍රියාකාරීන් 10,000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 5,500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. "පාලක අවාමි ලීගය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් සිරගෙවල් පුරවන" බවට ආණ්ඩුවට විපක්ෂය චෝදනා කර ඇත.
0 Comments