The-child-was-swimming-in-the-Kelani-River-with-his-grandmother-holding-a-crocodile
කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළ දී කිඹුලෙක්  දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු ඇදගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ දුන් දරුවා තම මිත්තණිය සමඟ රෙදි සේදීමට සහ දිය නෑම සඳහා අදාල තොටුපළට පැමිණ ඇති බවත් මිත්තණිය රෙදි සෝදන අතරේදී දරුවා ඇයට මීටර් පහක් පමණ දුරින් කැළණි ගඟේ බැස සිටින අතරතු  එක්වරම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න පෙරේරා නමැති 10 හැවිරිදි පිරිමි දරුවෙකි.
ශාන්ත මරියා විදුහලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය.



මෙම සිසුවා ඊයේ (16) සවස තුනට පමණ කැලණි ගඟේ වැලිවිට තොටුපළට දිය නෑමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
දිය නෑමට දියට බැසීමේදී එක්වරම කිඹුලා දරුවාව කටින් ගෙන ගඟ මැදට පිහිනා ගොස් ඇත.

මිත්තනියගේ කෑ ගැසීම නිසා අසල්වාසීන් තොටුපළට එක්රොක් වූ අතර, කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ.

කිඹුලා කිහිප වරක්ම දරුවා කටින් ගෙන දිය යට ගොස් නැවත දිය මතුපිටට පැමිණෙමින් සිට ඇත. පසුව එක්වරම දිය යටට පිහිනා ගොස් තිබේ.

ඉන්පසු පොලිසිය නාවික හමුදා සහාය ද ඇතිව බෝට්ටුවක් ආධාරයෙන් කිඹුලා සෙවීම සඳහා මෙහෙයුමක් ඇරඹීය.



ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ ඒ අතරතුර කිඹුලා එක් වරක් නැවත දිය මතුපිටට පැමිණි අතර, ඒ වන විට දරුවා දැක ගැනීමට නොහැකි වූ බවයි.

කැලණි ගඟේ කිඹුල් ගහනය වැඩි වීමත් සමඟ බොහෝ පිරිස් ගඟේ දිය නෑම නතර කොට ඇතැත් ඇතැම් පිරිස් සුපුරුදු පරිදි දිය නෑම කළද කිසිවෙකුත් මීට පෙර මෙලෙස කිඹුලන් විසින් ඩැහැගෙන නොමැති බව හිටපු නාගරික මන්ත්‍රී ධනවංශ උහන්ඕවිට මහතා පැවසීය.

දරුවාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් දිගටම සිදු වෙමින් පවතී.