
කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුට ගොදුරුවූ දරුවාගේ සිරුර නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් සිදු කළ මෙහෙයුමේදී ඊයේ පස්වරුවේ ගොදුරු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ගඟ පහළින් සොයාගෙන ඇත.
ෙ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්‍රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකු මෙම අවසනාවන්ත සිදුවීම නිසා ජීවිතක්ෂයට පත්විය.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ දිස්න,කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙණුම ලැබීය.
ඔහු දියනෑම සඳහා නිවසට ආසන්න කැලණි ගඟට පැමිණ තිබුණේ සිය මිත්තණිය සහ එක් සහෝදරයෙක් සමඟය.
මිත්තණිය රෙදි සෝදමින් සිටින අතරතුර ඒ ආසන්නයේ පුංචි දිස්න සිය බාල සහෝදරයා සමඟ දියනාමින් සිටියදී අනපේක්ෂිත අයුරින් එක්වරම පැමිණි කිඹුලෙකු දිස්නව ඩැහැගෙන ගොස් තිබුණි.
මල්ලීගේ උපන්දිනය සමරා සතුටින් සිටි දිස්න සිය ආච්චි අම්මා සමඟ කැලණි ගඟේ පුරුදු තොටුපොළට ගියේ දියේ පීනා ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙනි. ආච්චි රෙදි සෝදද්දී දිස්න තවත් අසල්වාසී දරුවන් දෙදෙනකු ද සමඟ කැලණි ගංදියේ කිමිදී පිහිනමින් සිටියේය.
එහෙත් දිය යට මේ දරුවන් ඩැහැගැනීමට මාරයකු සැඟව සිටින බව කිසිවකු දැන සිටියේ නැත. දිස්නගේ මල්ලී සිටියේ ආච්චි ළඟමය.
“මෙතැන තව දෙතුන් දෙනෙක් හිටියා. දරුවො දෙන්නා සෙල්ලම් කර කර හිටියේ මට අඩි හතර පහක් දුරින්. එක පාරටම මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැරි වුණා. පොඩි පුතා මාත් එක්ක හිටපු ලේලිගේ අම්මා උස්සලා ගන්නවත් එක්කම ලොකු පුතා කිඹුලා අරන් ගියා. මම හයියෙන් කෑගැහුවා සුදු පුතේ පීනන්න ඉක්මනට පීනන්න කියලා. ඒත් පුතා නොපෙනී ගියා. වෙච්ච දේ හිතා ගන්න බෑ. මම කෑගැහුවා කිඹුලා ආවා පුතා ගොඩට එන්න කියලා. එතකොටම එයා ආච්චි කියලා කෑගැහුවා. මම දැක්කා එයා දිය යටට ඇදිල යනවා වගේ. ඊට පස්සෙ පුතා කටේ තියාගෙන ටිකක් ඈතින් කිඹුලා මතුවුණා. අනේ බේරගන්න කවුරුත් ආවේ නෑ.” සුමනාවතී මිත්තණිය කීවාය.
සිද්ධිය සැලවීමත් සමඟ ඒ ස්ථානයට පැමිණි කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා එක්ව ගඟේ දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී දරුවාගේ ශරීරය මැදින් කටේ රඳවාගත් කිඹුලා වරින් වර කීප වතාවක් ජලයෙන් උඩට පැමිණ නොපෙනී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
තම මුනුපුරා වූ දිස්න ප්‍රමෝද් පෙරේරාට අත් වූ අවාසනාවන්ත සිද්ධිය ගැන සුමනාවතී මහත්මිය මෙසේ ද කීවාය.
“මගෙ පුතාට දරුවෝ තිදෙනෙක් ඉන්නවා. මේ සිද්ධියට මුහුණ දුන්නේ එයාලගේ ලොකු පුතා. දෙවැනි පුතාගේ උපන් දිනය 16 වැනිදාට යෙදී තිබුණේ. ඒ නිසා ගෙදර කේක් කපන්න ඔක්කොම සැරසිලි කර තමයි දෙන්නත් එක්ක නාන්න ආවේ. ඒ මාත් එක්ක. 17 වැනිදා කට්ටියත් එක්කම සත්තු වත්ත බලන්න යන්න හිටියේ.Ó පුතා ගඟේ එගොඩ මෙගොඩ පීනනවා. කිඹුලා අල්ලගන්නවත් එක්කම පුතා “ආච්චී” කියලා කෑගැහුවා.”
මියගිය දරුවාගේ පියා වන හිටපු නාවික හමුදා සාමාජිකයකු වූ ඉෂාර මධුසංක පෙරේරා මහතා:
“මට දරුවෝ තිදෙනෙක් ඉන්නවා. ඔය සිද්ධියට මුහුණ දුන්නේ මගේ වැඩිමලා. කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි විද්‍යාලයේ එයා ඉගෙන ගත්තේ. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ ගිය අවුරුද්දේ. හොඳට පීනන්න පුළුවන්. ගඟේ කිඹුලෝ ඉන්නවා කියා දැනගෙන හිටියට කවදාවත් මෙහෙම අනතුරක් වෙලා තිබුණේ නෑ. මට පෙනි පෙනී තමයි මගේ දරුවා කිඹුලා අරගෙන ගියේ. දරුවෝ වෙනදටත් ගඟේ නාන්න එනවා. පොඩි පුතාගේ උපන්දිනේ රෑ තියෙන්න තිබුණ හින්දා හරිම සන්තෝසෙන් තමයි නාන්න ආවේ දෙන්නත් එක්ක. එයාගෙ අම්මා මේ දුක කොහොම දරා ගනීවිද කියන්න මං දන්නේ නෑ.”
(සුගත් ප්‍රේමතිලක සහ මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි)

Comments
Post a Comment
Your comment will be visible after approval